වසරේ හොඳම ශාස්ත්‍රීය කෘතියටත්  මෙවර සම්මානයක් පිරිනමනවා – මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද

332

2022 විද්‍යොදය සාහිත්‍ය සම්මාන උළෙලෙ පිළිබඳව මානව හා ශාස්ත්‍ර සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා සමග ‘දිවයින’ කළ සාකච්ඡාවකි.

● විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල යනු කුමක්ද? එහි ආරම්භය සිදුවූයේ කෙසේද?

 සාමාන්‍ය ලංකාවේ සාහිත්‍ය සම්බන්ධව සිදුකරන නිර්මාණ අගයනු වස් විවිධ සම්මාන උළෙල පවත්වනවා. නමුත් විද්‍යෝදය සම්මාන උළෙල විශ්වවිද්‍යාලයකින් පවත්වනු ලබන එකම සම්මාන උළෙල. 2000 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සිංහල අධ්‍යයන අංශයෙන් තමයි මෙය ආරම්භ කළේ.

 මේ වසරේ තවත් විශේෂයක් එකතු වෙනවා. ඒ තමයි සම්මාන වර්ග පහට අමතරව වසරේ ශාස්ත්‍රීය කෘතිය කියන අංශය සඳහා සම්මානයක් පිරිනමන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කලින් වර්ෂයේ ප්‍රකාශිත ග්‍රන්ථ පිළිබඳ සැසඳීමක් සිදු කරනවා. මේ පොත් පළමු වටයේ දෙවැනි වටයේ තුන්වැනි වටයේ කියලා වට තුනක් යටතේ විනිශ්චය කරනවා. අනතුරුව තමයි සම්මානය සඳහා නිර්දේශය ලබා දෙන්නේ.

වසරේ හොඳම ශාස්ත්‍රීය කෘතියටත්  මෙවර සම්මානයක් පිරිනමනවා - මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද

● මේ කටයුත්ත සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ, ආචාර්යවරුන්ගේ මැදිහත් වීම කොහොමද?
 

 මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මැදිහත් වෙනවා. ඒ වගේ ම ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් ක්‍රම කීපයකට මැදිහත් වෙනවා. ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ වෙන්නේ මේ සම්මාන උළෙලේ අවසානයේදී. අනෙක් පැත්තෙන් ආචාර්යවරු මේ සම්මාන උළෙලේදී මේ පොත් කියවීම හා විනිශ්චය ලබා දෙනවා. ඒ වගේම සංවිධාන කටයුතු සඳහා මූලික වශයෙන් සම්බන්ධ වෙනවා.

● කොච්චර නිර්මාණ සංඛ්‍යාවක් මේ සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙනවද?

 කාණ්ඩ හයක් යටතේ ගේය පද සඳහා පොත් තුනකුත්, තීරු ලිපි තුනකුත්, ශාස්ත්‍රීය ග්‍රන්ථ පහකුත්, කාව්‍ය ග්‍රන්ථ පහකුත්, කෙටි කතා පහකුත්, නවකතා පහකුත් වශයෙන් නිර්දේශ වෙලා තියෙනවා.

● විද්‍යෝදය සම්මාන උළෙලේ වැදගත්කම මොකක්ද?
 

 මෙහිදී අපට වැදගත් වන්නේ වසරේ සමකාලීන සාහිත්‍යයට අදාළ සියලු පොතපත විශ්වවිද්‍යාලයට ලැබෙනවා. එය තමයි අපේ ප්‍රධාන අරමුණ. මේ පොතපත යනවා අපේ පුස්තකාලයට. එවිට ශිෂ්‍යයන්ට සාහිත්‍යයට අදාළ මේ පොත පත පරිහරණය කිරීම මඟින් සමකාලීන සාහිත්‍ය පිළිබඳව විශ්වවිද්‍යාල දරුවන්ට දැනුමක් ලබා

 ගන්න පුළුවන්. හැම වර්ෂයකම මේ සාහිත්‍ය උළෙලේ පොත්පත් පුස්තකාලයට යෑම නිසා සමකාලීන පර්යේෂණ කරන්නන්ට පහසුවක් වෙනවා. මෙවර ප්‍රකාශකයන් සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙන්න කටයුතු කරනවා. එයට හේතුව ඒ අය විශ්වවිද්‍යාලයට ලබා දෙන සේවය වෙනුවෙන් පුස්තකාලයේ විශේෂිත තැනක් ඒ අයට වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රන් සම්මාන, රිදී සම්මාන ලබා දෙමින් ඇගයීමට ලක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

● සම්මාන සඳහා නිර්මාණ තෝරා ගැනීමේදී භාවිත කරන නිර්ණායක මොනවාද?
 

 සංවිධාන කමිටුව විසින් විශේෂිත යෝජනාවලියක් හරහා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයටත් සනාතන සභාවටත් යොමු කරලා තියෙනවා. මේ කෘති ඇගයීමට ලක් කරන නිර්ණායක මොනවද කියලා ඒ නිර්ණායක පදනම් කරගෙන තමයි ඒ කෘති ඇගයීමට ලක් කරන්නේ.

● විශ්වවිද්‍යාලයට අමතරව මේ කටයුත්තට උර දෙන බාහිර පුද්ගලයන් සහ ආයතන මොනවාද?
 

 සෘජුව අපට සම්බන්ධ වෙන්නේ ලංකාවේ ඇති ප්‍රකාශන ආයතන. ඒ වගේම මාධ්‍ය ආයතන අපට විශාල මෙහෙවරක් කරනවා. මේ සාහිත්‍ය පුනරුදය උදෙසා අපි ලබා දෙන විනිශ්චයන් සමාජගත කිරීමට, මෙවර විනිශ්චයට ලක්වුණු ග්‍රන්ථ මොනවද? නිර්මාණ මොනවාද? කියලා පාඨකයා දැනුවත් වන්නේ මේ මාධ්‍ය අනුග්‍රහය ඒ නිසා මාධ්‍ය ඍජුවම හි වක්‍රව ලබාදෙන සහාය මේ අවස්ථාවේ අපි කෘතඥතා පූර්වකව මතක් කරනවා.

 ● සුජානි ගුරුගේ

 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment