ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL ක්‍රියාවට නංවා ඇති Fibre Elite Reward වැඩසටහනේ ජනවාරි මස ජයග්‍රාහකයා බවට පත් වූ සී. කේ. අබේනායක මහතාට හිමි රු. මිලියනයක ත්‍යාග මුදල පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි.

මෙම අවස්ථාවට SLT-MOBITEL සමූහයේ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා සහ SLT නියෝජ්‍ය ප්‍රධාන අලෙවි නිලධාරී රෝහණ එල්ලාවල මහතාද සහභාගී වූහ.

නව SLT-MOBITEL Fibre සම්බන්ධතා මිලදී ගන්නා පාරිභෝගිකයන්ට මෙම තරගය සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි වේ. රු. මිලියනයක මුදල් ත්‍යාගයට අමතරව සෑම මසකම තවත් වාසනාවන්ත ජයග්‍රාහකයන් 10 දෙනෙකුට 100GB බැගින් නොමිලේ ඩේටා පිරිනැමීමට SLT-MOBITEL කටයුතු යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment