චීවරය තාවකාලිකව අතහැර ගිහි වෙසින් මාර දූවරු සමග ගිය වැලිපැන්නේ විහාරාධිපතිට විහාරයේ අගුලු වැටේ

2205

අලුත්ගම, වැලිපැන්න දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය සමීපයේ වැලිපැන්න පොලිස් වසමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක නායක හිමි නමක්, තරුණ රූමත් කතුන් තිදෙනකු සමග ගිහි ඇඳුමින් සැරසී කතරගම, ලුණුගම්වෙහෙර සහ තිස්සමහරාම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගොස් සිටියදී දායක සභාවේ පිරිසකට හසුවීම හේතුවෙන් සමස්ත ගමේම දායකයින්ගේ විරෝධය හමුවේ එම විහාරාධිපති හිමියන් පන්සල හැර ගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි.

එම විහාරාධිපති හිමියන් කතුන් තිදෙනා සමග රුහුණේ විනෝද චාරිකාවකට ගොස් සිටියදී එදිනම ගමේ තරුණයන් කිහිප දෙනකුට කතරගමදී පන්සලේ හාමුදුරුවන් ගිහි ඇඳුමෙන් මුණගැසී ඇත. කතුන් තිදෙනකු සමග හාමුදුරුවන් සිටින අයුරු දැක විමතියට පත් එම තරුණයන් එම ඡායාරූප හා වීඩියෝ දර්ශන ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළ කිරීමට පියවර ගැනීමත් සමග එම හිමියන් විනෝද චාරිකාව අවසන් කර විහාරස්ථානයට පැමිණෙන්නටත් පෙර විහාරස්ථානයේ දායකයින්ට එය නිරීක්ෂණය වී විහාරස්ථානය ඉදිරිපිට ගම්වැසියන් වන දායකයන් උන්වහන්සේට දැඩි විරෝධයක් පළ කිරීමත් සමග රාත්‍රියේම පිටව ගොස් තිබේ. වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් විහාරස්ථානය ඉදිරිපිට දී පැවැති විරෝධතාවයේ සාමය ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment