දැරියක් ඔඩොක්කුවට ගෙන තොල් සිපගත් තිදරු පියාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

5642

හත් හැවිරිදි දැරියක් තම නිවස අසල පිහිටි ලඳු කැලෑවකට කැඳවාගෙන ගොස් ඇය හැඳ සිටි කලිසම ගලවා සිය ඔඩොක්කුවට ගෙන තොල් සිප ගැනීමේ චෝදනාවට වරද පිළිගත් 43 හැවිරිදි තිදරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් නියම කර එම දඬුවම ක්‍රියාත්මක කිරීම වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය. එයට අමතරව රුපියල් 25,000 ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා වින්දිත දැරියට රුපියල් 50,000 ක වන්දියක් ගෙවීමට ද නියම කළේයග එම සිද්ධිය වන විට විත්තිකරු 31 හැවිරිදි අයකු බවත්ල තමා අතින් සිදු වූ වරදට පසුතැවෙන ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් පෙන්වා දෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක විජේවර්ධන මහතා කළ ඉල්ලීම සලකා බැලූ රජයේ අධිනීතිඥ සංඛ වීරසූරිය මහතා නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබිණි. චෝදනා සංශෝධනය කිරීමෙන් පසුව වරද පිළිගත් විත්තිකරු එකී චෝදනාවට වරදකරු බවට නියම කළ විනිසුරුවරයා නියම කළ පෙර කී දඬුවම් මහාධිකරණ භාෂණ පරිවර්තක සුලෙයිමන් මොහොමඩ් යාසීර් මහතා විවෘත අධිකරණය හමුවේදී කියවා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment