ගවයා මිලයට ගත්තත් ප්‍රවාහනයට බලපත් නෑ – පොලිස් සැරයන් උසාවියට

151

රු. තුන්ලක්ෂ පනස්දහසක එළ ගවයකු මිලදී ගත් පොලිස් සැරයන්වරයකු එම සත්ත්වයා කුඩා ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදී වාරියපොල ප්‍රදේශයේ ගැමියන් පිරිසක් විසින් අල්ලා වාරියපොල පොලිසියට භාරදී ඇත.

මෙම සැරයන්වරයා අනුරාධපුර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ කාර්යාලයේ සේවය කරන බව පැවසේ.

රාත්‍රියේ ගවයකු ලොරියකින් ගෙනයෑම පිළිබඳ වාරියපොල ප්‍රදේශයේ පිරිසකට සැක සිතීම නිසා පොලිස් සැරයන්වරයා සමග එහි රියැදුරු ද අල්ලා මෙසේ පොලිසියට භාරදී තිබේ. සැරයන්වරයාගෙන් ප්‍රශ්න කිරීමේදී තමා සතුව ගවයන් තිදෙනකු සිටින බවත් මෙම ගවයා ද රු. තුන්ලක්‍ෂ පනස්දහසකට මිලදී ගත් බවත් පවසා ඊට අදාළ කුවිතාන්සිය ද ඉදිරිපත් කර තිබේ. එම ගවයා සැරයන්වරයාට විකුණු පුද්ගයා ද වාරියපොල පොලිසියට ඉදිරිපත්වී කටඋත්තර දී ඇත.

සැරයන්වරයා ගවයා මිලදී ගත්තත් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා නොගැනීම නිසා ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇප මත මුදාහැර ඇත.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment