පොලිය තවත් 1%කින් අඩු කරයි

90

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත සියයට 1.0කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඉකුත් නොවැම්බර් 23 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 9 දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 10 දක්වා පදනම් 100 බැගින් අඩු කර තිබේ.

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇත්තේ දේශීය හා ගෝලීය ආර්ථිකයේ කාලීන සහ අපේක්‍ෂිත වර්ධනයන් ගැන සියුම් විශ්ලේෂණයකින් පසුවය. එසේම ආර්ථිකය විභව මට්ටම කරා ළඟා වීමට සහ ස්ථාවර කිරීම සඳහා මධ්‍යකාලීනව සියයට 5 ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගැනීමේ අරමුණින් යුතුවය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment