කුලියාපිටියේ දැරිය මියගියෙත් එන්නතේ වරදකින්ද?

454

මරණය ගැන විවෘත තීන්දුවක්
සිරුරේ කොටස් පරීක්‍ෂණවලට යවලා පොලිසිය

හෙට්ටිපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී බිලිඳියකට මාස හතරෙන් දීමට නියමිත එන්නත විදීමෙන් පසුව පසුදින අභිරහස් ලෙස බිලිඳිය මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසියට එම දරුවාගේ පියා විසින් පැමිණිලි කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ඉහළ ගොමුගොමුවේ පදිංචිව සිටි නිම්සාදි සේනානායක නමැති බිලිඳියකි.

දැරියට මෙම එන්නත ලබාදී ඇත්තේ ඉකුත් 15 වැනිදා බවද පසුදින දැරිය කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමට පෙර මියගොස් සිටි බවද කුලියාපිටිය පොලිසිය කියයි.

මෙම මරණය සම්බන්ධයෙන් තමාට සැකයක් පවතින බව දැරියගේ පියා වන හර්ෂණ ප්‍රදීප් සේනානායක මහතා පොලිසියට කළ පැමිණිල්ලක් අනුව අධිකරණ වෛiවරයා මාර්ගයෙන් පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

කුලියාපිටිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බණ්ඩාර විජේසූරිය මහතා පැවසුවේ මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව සිරුරේ කොටස් වැඩිදුර පරීක්‍ෂණ සඳහා පේරාදෙණිය වෛi පීඨයට යැවූ බවය.

මරණය පිළිබඳව විවෘත තීන්දුවක් නිකුත් කර ඇත.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment