රට පැන්න අය පොලීසියෙන් දොට්ට -ටිරාන් අලස් කියයි

227

රාජකාරි කටයුතු මෙන්ම පෞද්ගලිකව පිටරට ගොස් එහිම නතර වෙන පොලිස් නිලධාරීන් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග වන්නේ ඔවුන් රැකියාවෙන් ඉවත් කිරීම පමණක් යැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

නිවාඩු ලබාගෙන මීට වසරකට උඩදී මෙසේ ශ්‍රී ලංකාවෙන් එංගලන්තයට ගිය පොලිස් නිලධාරීන් හතරදෙනකු ආපසු මෙහි නොපැමිණීම පිළිබඳව නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හෙතෙම එසේ පැවසීය.

මෙවැනි පොලිස් නිලධාරීන් කීපදෙනකුම මේ ආකාරයට විදේශගත වී එහිම නතර වී තිබෙන බව ද ටිරාන් මහතා පැවසීය. මෙසේ ක්‍රියා කළ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ගණන් බලා ගෙන යන බව ද හෙතෙම සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment