ඇමෙරිකානු කොංග්‍රසයේ ඊලම් ව්‍යාපෘතිය හෙළිවෙයි

950

ත‍්‍රස්ත මර්දන පනත අත්හිටවනු:
එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් 7ක් ශ‍්‍රී ලංකාවට තර්ජනය කරති

පැය 48ක් තුළ ප‍්‍රතිචාර දක්වන ලෙස නියෝග කරති

හමුදා නිලධාරීන් 28කට අනතුරුදායක තත්ත්වයක්

වන්නි මෙහෙයුමේ හමුදා නායකයන්ට එරෙහිව මැග්නිට්ස්කි සම්බාධක පනවනු

ඇමෙරිකානු කොංග්‍රසයේ ඊලම් ව්‍යාපෘතිය හෙළිවෙයි
චීන තානාපති සමග උතුරට ගිය චීන හමුදා නිළධාරියා

ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කරන්නේ ඇන්තනි බ්ලින්කන් ය. හිටපු ජනපති ට‍්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම්ව සිට මයික් පොම්පියෝ අනුගමනය කරමින් බ්ලින්කන් ද නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරියකු සහ ජනාධිපති සමාව ලැබූ හමුදා නිලධාරියකුට ඇමෙරිකාවට පැමිණීම තහනම් කරනු ලැබීය. එම තහනම ඔවුන්ගේ පවුලේ අයට ද කි‍්‍රයාත්මක වේ.

ඇමෙරිකාවේ මෙම තහනම ගැන ලන්ඩන් නුවර සිට මඩ වෙබ් අඩවියක් මෙහෙයවන්නකු සහ අංගොඩ සිට තවත් රාජ්‍ය විරෝධි වෙබ් අඩවියක් මෙහෙයවන හිටපු කැරලිකරුවකු අතිශයින් සතුටට පත්විය. එහෙත් මේ තහනම පනවනු ලැබූ මේ ලොව අංක එසේ යුද අපරාධකරුවාවූ ඇමෙරිකාවයි. ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට සම්බාධක හෝ තහනම් පැනවිය නොහැකි නිසා ඊට සහයවූයේ ඇමෙරිකානු කොංග‍්‍රසය හෙවත් එරට පාර්ලිමේන්තුවයි.

මෙම ඇමෙරිකානු කොංග‍්‍රසය ටොම් ලැන්ටොස් නමින් මානව හිමිකම් කොමිසමක් ආරම්භ කර ඇත. ලැන්ටොස් කොමිසම පසුගියදා ශ‍්‍රී ලංකාවට එරෙහි සාක්‍ෂි දෙන ලෙස දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන්ට ඇරයුම් කළේය.

ඇමෙරිකානු කොංග්‍රසයේ ඊලම් ව්‍යාපෘතිය හෙළිවෙයි
අම්බිකා සකුනානාදන්

ඒ අනුව මෙරට යහපාලන රජය යටතේ මානව හිමිකම් කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ අම්බිකා සකුනානාදන් – රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරිනි ෂෙරින් සරුර්, ඇමෙරිකාවේ පදිංචි කොටි හිතවාදී ද්‍රවිඩ කාන්තාවක්වූ සොන්ඩ‍්‍රා ඇන්ටන් – නීල් ඩොවෝටා ඇමනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානයේ කැරොලයින් නෑෂ් සහ ඇමෙරිකානු හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ජෝන් සිප්සන් ශ‍්‍රී ලංකාවට එරෙහිව දිවුරුම් ප‍්‍රකාශ ලබාදී ඇත. අම්බිකා සකුනානාදන් නැමැති හමුදා විරෝධි කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරිනිය ලැන්ටොස් කොමිසම අමතා මෙලෙස කියා සිටියාය.

‘ශ‍්‍රී ලංකා රජය ද්‍රවිඩයන්ට එරෙහිව ත‍්‍රස්ත මර්දන පනත භාවිත කරනවා. 2019 පාස්කු ප‍්‍රහාරයෙන් පසු ත‍්‍රස්ත මර්දන පනත මුස්ලිම්වරුන්ට එරෙහිවත් යොදා ගන්නවා. මේ තත්ත්වය මත පාපොච්චාරණ ලබාගැනීමට වධහිංසා පමුණුවනවා. මා මානව හිමිකම් කොමිසමේ සිටියදී අධ්‍යනයක් කළා. ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි අයගෙන් සියයට 84ක් වධහිංසාවලට ලක්වූ අයයි. අත්අඩංගුවට පත් අය හෙළිකළ අයගෙන් සියයට 45 ක් පැවසුවේ සිංහල භාෂාවෙන් ලියූ ලිපිවලට ඔවුන්ගේ අත්සන් ලබාගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවත් නීතිවිරෝධි ස්ථානවල රඳවා තිබුණි. පාපොච්චාරණවලට අත්සන් කිරීමෙන් පසු ඔවුන්ව නීත්‍යානුකූල ස්ථානවලට ගෙන ආවා. පාස්කු ප‍්‍රහාරයෙන් පසු අරාබි පොත් සින්දු සහ අල්ලාහ් ගැන ලියැවුණු පොත් සන්තකයේ තිබූ අය ද අත්අඩංගුවට ගැනුණා. අම්බිකා නැමැත්තිය ශ‍්‍රී ලංකා රජය 2021 මාර්තු මස පනවනු ලැබූ අන්තවාදී කිි‍්‍රයාවලට එරෙහි ගැසට් නිවේදනයට එරෙහිවද සඳහන් කළාය. ඊට එරෙහිව ඇය අධිකරණය හමුවේ නඩුවක්ද ගොනු කර තිබුණි. ලැන්ටොස් කොමිසම වෙත නිර්දේශ හතරක් ඉදිරිපත් කළ අම්බිකා එම නිර්දේශ ඉටුකරන ලෙස ඉල්ලීමක් කළාය.

මෙහි දැක්වෙන්නේ එම නිර්දේශයි.

  1. ජිනීවා මානව හිමිකම් යෝජනාවට හානියක් සිදුකිරීමට රජයට ඉඩනොදෙනු.
  2. වගවීමේ කි‍්‍රයාවලියට සහය දක්වනු සර්වලෝක අධිකරණ පද්ධතිය කි‍්‍රයාත්මක කරනු – මැග්නිට්ස්කි පනත යටතේ මානව හිමිකම් උල්ලංඝනය කළ අයට එරෙහිව පියවර ගනු
  3. මානව හිමිකම් රැකවලූන්ට සහාය දක්වනු
  4. ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා මැදිහත් වනු.

කොටි පරාජය කළ ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවලට දඬුවම් කරන ලෙස ඇය නිර්දේශ කර දින 7 ක් ගතවන අවස්ථාවේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊට ප‍්‍රතිචාර දක්වනු ලැබීය.

ඒ අනුව නාවික බුද්ධි නිලධාරි චන්ද ප‍්‍රසාද් හෙට්ටිආරච්චි සහ සුනිල් රත්නායකට ඇමෙරිකානු තහනම පැනවීමට රාජ්‍ය ලේකම් බිලින්කන් ක‍්‍රියාකළේය.

මෙහිදී 1971 කැරලිකරු රංජි මල්ලී හෙවත් සුනන්ද දේශප‍්‍රිය මෙහෙයවන වෙබ් අඩවිය චන්දන හෙට්ටිආරච්චි හඳුන්වනු ලැබුවේ නේවි සම්පත් යන වැරදි අර්ථ කථනයෙනි.

මේ පසුබිම මැද ජනපති ගෝඨාභයගේ න්‍යාය පත‍්‍රය බෞද්ධකරණය හා මිලිටරිකරණය බවටද අම්බිකා නැමැත්තිය ලැන්ටොස් කොමිසම හමුවේ තවදුරටත් කියා සිටියා ය.

2019 නොවැම්බර් සිට ජාතික ආරක්‍ෂක පාලනය තවදුරටත් පුළුල්ව කි‍්‍රයාත්මක වුණා. පුරාවිද්‍යා බලධාරීන් හමුදාවේ සහායට පැමිණියා. වෙනත් පුරාවිද්‍යා ස්ථාන සෙවීමේ මුවාවෙන් උතුරු නැෙඟනහිර භූවිද්‍යාත්මක වෙනස්කම් කිරීමට කි‍්‍රයාකළා. එය ද්‍රවිඩයන්ට සහ මුස්ලිම් අයට බලපෑවා. රජය පත්කළ නිලධාරීන් නීතිය උල්ලංඝනය කරමින් අනතුරුදායක තත්ත්වයක් ඇතිකළා. මිලිටරිකරණය ගැන වාර්තාකළ මාධ්‍යවේදීන් ගැන සෝදිසි කිරීම ද සිදුවුණා. මේ නිසා ඇමෙරිකානු රජය ශ‍්‍රී ලංකාවට සහාය නොදැක්විය යුතුයි යැයි අම්බිකා සකුනානාදන් සඳහන් කළාය.

ඇමෙරිකානු කොංග‍්‍රසයේ මෙම මානව හිමිකම් කොමිසම ජිනීවා මානව හිමිකම් කොමිසම මෙන් ශ‍්‍රී ලංකා හමුදා නිලධාරීන් සහ රජය සිදුකළ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමට සම්බන්ධ සාක්‍ෂි එකතු කරන බව අනාවරණය විය. මෙම ඇමෙරිකානු මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය ප‍්‍රධානියා ටොම් ලැන්ටොස්ය. එහි අනිකුත් සභිකයන් ලෙස ජේම්ස් මැක්ගවර්න් කි‍්‍රස්ටෝපර් ස්මිත්,සහ ඩෙබෝරා රෝස් කි‍්‍රයාකරයි.

මෙම කොමිසම ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන සාක්කි විමසීම පැමිණිලිකරු සාක්‍ෂිකරු සහ විනිසුරු ලෙස කි‍්‍රයාකිරීමක් වැනිය.

ඩෙබෝරා රෝස් නැමැත්තිය මෙයට පෙර ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකානු කොංග‍්‍රස් සභාවට යෝජනාවක් ඉදිරිපත් කළාය. ඇය අනතුරුව ලැන්ටොස් කොමිසමට සහභාගිවෙමින් ශ‍්‍රී ලංකාව ගැන සාක්‍ෂි විමසා ඇත. එසේම ශ‍්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු කොංග‍්‍රසය පත්කළ ලැන්ටොස් කොමිසම හමුවේ දිවුරුම් ප‍්‍රකාශයක් කළ අම්බිකා කවුද? යහපාලන රජයේ හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන සහ වත්මන් රජය හෝ විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ එහි ලේකම් ඇගේ කටයුතු නිරීක්‍ෂණය කළේ නැත.

මේ රටට එරෙහි ද්‍රෝහි ද්‍රවිඩ කාන්තාව වරක් මෙසේ පැවැසුවාය.

රජය විදේශ විනිසුරුවන් මෙරටට කැඳවීමට එකඟ වුණා. පුද්ගලික විද්‍යුත් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකදී ඇය තවදුරටත් සඳහන් කළේ එය ජිනීවා යෝජනාවට එකඟවීමක් වියහැකි බවයි. මෙයට පෙර රජයේ කටයුතුවලට සහභාගිවූ රජීව් විජේසිංහ අම්බිකාගේ කි‍්‍රයාකලාපය හෙළිකළේ මෙසේය. මා එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත නිල් බුහුනේ වෙත ලිපියක් යවමින් අම්බිකාව එක්සත් ජාතීන්ගේ කටයුතුවලට බඳවාගැනීම අනතුරක් බව පැවසුවා. ඇය කොටි සංවිධානයට සහය දක්වන්නියක් බව මම තවදුරටත් කියා සිටියා. මගේ පැමිණිල්ල ගැන බුහුනේ පැවසුවේ ඇය ගැන ප‍්‍රශ්නයක් ඇති බවයි. වාර්ගික අධ්‍යයන ආයතනයේ ප‍්‍රධානියාව සිටි රාමා මානිට වඩා අම්බිකා නරකයි, අම්බිකා කොටි සමඟ සෘජු සබඳතාවයක් පැවැත්වූවා. රජීව් විජේසිංහ අම්බිකා ගැන මෙලෙස අනාවරණය කරද්දී ඇයව මානව හිමිකම් කොමිසමට පත්කළේ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර යැයි හෙළි විය. මේ අතර අම්බිකා රජයේ මානව හිමිකම් කොමිසම තම වාසිය සඳහා උපයෝගී කරගත්තාය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට තොරතුරු පවා යවා තිබූ බව හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේනට ද පසුව වාර්තා විය. ජිනීවා වෙත යැවූ වාර්තා ගැන හිටපු ජනපතිවරයා පාස්කු කොමිසම ගැන පැවැති ජනපති කොමිසමේදී හෙළි කළේය. මේ අතර මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ අම්බිකාව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක් ලෙස පත්කළාය. මේ පසුබිම මැද ඇගේ නිර්දේශ මත ලැන්ටොස් කොමිසමට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සම්බාධක පැනවූයේ එහෙත් මෙරට ආරක්‍ෂක නිලධාරීන්ටපැනවූ තහනම ගැන විදේශ කටයුතු බලධාරීන් කොළඹ ඇමෙරිකානු තානාපති කැඳවා විරෝධය පෑමට කි‍්‍රයාකළේ නැත.

එහෙත් බංගලදේශ පොලිස්පතිට තහනමක් පැනවීම නිසා බංගලාදේශ රජය ඩකාහි ඇමෙරිකානු තානාපති විදේශ අමාත්‍යාංශයට කැඳවා දැැඩි විරෝධය පා ඇත. මෙය පුදුමයක් නොවේ. පසුගියදා විදේශ තානාපතිවරුන් සඳහා පැවැති නත්තල් සාදයට රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් කැඳවා තිබූ බව හෙළි විය.

මේ අතර ආරක්‍ෂක අංශ හිටපු නිලධාරීන් දෙදෙනකුට සහ ඔවුන්ගේ පවුල්වල අයට තහනම් පැනවීම ගැන කොළඹ ඇමෙරිකානු වැඩබලන තානාපති ගෙන්වා ඇමෙරිකානු හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන රාජ්‍ය ලේකම් ඇන්තනි බින්කන් තහනමක් පැනවූයේද විමසීමට රජය කි‍්‍රයානොකළේ මන්ද? මෙහි පහත දැක්වෙන්නේ ඇමෙරිකානු යුද අපරාධයි.

  1. ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ දමා සිවිල් වැසියන් ලක්‍ෂ ගණනක් ඝාතනය කිරීම.
  2. ඒජන්ට් ඔරේන්ජ් විෂ රසායනික වායුව දමා වියට්නාමයේ සිවිල් ජනතාව මරාදැමීම.
  3. ඇෆ්ගනිස්තානයේ ලක්‍ෂයකට අධික ජනතාව ඝාතනය
  4. ඉරාකයේ සිවිල් ජනතාව ඝාතනය
  5. 2002 දී තලෙයිබාන් කි‍්‍රයාකාරීන් 2000ක් කන්ටේනර් ඇතුළට දමා හුස්ම සිරවී මියයෑමට ඉඩ හැරීම

(මෙය බිහිසුණු යුද අපරාධයකි.)

  1. ඉරාකයේදී සිවිල් වැසියන් පිරිසක් වෙඩි තබා මරාදැමීම සම්බන්ධ වරදකරුවූ බ්ලැක්වෝටර් ආරක්‍ෂක භටයන් පිරිසට ට‍්‍රම්ප් පාලනය සමාව දීම.
  2. ඝාතනයක් සිදුකර මළසිරුර සමඟ ඡායාරූප ගත් නාවික සීල්භට ගැලගර්ට ට‍්‍රම්ප් සමාව දීම
  3. ඇමෙරිකාව තුළ නීති විරෝධි ඝාතන 984 ක් (2020) වසරේදී සිදුවී ඇතැයි හිටපු සෙනෙට් සභික රොබට් රෙයිඞ් අනාවරණය කිරීම.
  4. 2015 සිට ඇමෙරිකාව තුළ පොලිසිය විසින් සිවිල් වැසියන් 6700 ක් නීතිවිරෝධි ලෙස ඝාතනය කිරීම.
  5. ඇමෙරිකාව තුළ හය ලක්‍ෂයක් අතුරුදන්වීම ලොව අංක එකේ යුද අපරාධකරුවාවූ ඇමෙරිකාව සිදුකර ඇති නීතිවිරෝධි ඝාතන ගැන ට‍්‍රම්ප් හෝ බයිඩන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.

මේ තත්ත්වය මත බයිඩන් පාලනයට මානව හිමිකම් ගැන කතාකිරීමට හිමිකමක් තිබේද?

එසේම ශ‍්‍රී ලංකාවට එරෙහිව විදේශ ආණ්ඩු හමුවේ දිවුරුම් ප‍්‍රකාශ ලබාදෙන පාර්ශ්ව රාද්‍රෝහී කි‍්‍රයා සිදුකරන්නන් නොවේද?

මේ අතර සතුරු පාර්ශ්ව මිතුරු පාර්ශ්ව ලෙස වෙස්ගෙන රටේ ජාතික ආරක්‍ෂාව උදෙසා කැපවූ දේශපේ‍්‍රමි නිලධාරීන් ධුරවලින් ඉවත්කිරීමේ මෙහෙයුමක් දියත් කර ඇත. රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ ප‍්‍රධානියාවූ නීතිවේදී රාජා ගුණරත්නම් පසුගිය කාලය තුළ රාජ්‍ය නොවන සංවිධානවල තක්කඩි කි‍්‍රයා සහ ආරක්‍ෂාවට එරෙහි කි‍්‍රයා අනාවරණය කළේය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළිකළේ එම දේශපේ‍්‍රමි නිලධාරියාගේ සේවා දිගුව දෙසැම්බර් 31 දා සිට දීර්ඝ කර නැති බවයි. ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න එම සේවා දිගුව අනුමත කළා. එහෙත් අදෘශ්‍යමාන බලවේගයක් ක‍්‍රියාත්මක වුණා. ඔහුගේ සේවා දිගු ලිපිය ජනපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත ඉදිරිපත් කර නැහැ යැයි ආරංචිමාර්ග හෙළි කළේය. ඇමෙරිකානු හිටපු හමුදා නිලධාරියකුවූ ට‍්‍රැවිස් ගාඞ්නර්ට වීසා ලබාදීම රාජා ගුණරත්න ප‍්‍රතික්‍ෂේප කළා සේම රාජ්‍ය නොවන සංවිධාන නව කෙටුම්පත අහෝසි කිරීම ද ඉවත දැමුවා. මේ නිසා රාජ්‍ය නොවන සංවිධාන 38 ක කල්ලිය ඔහුව ඉවත් කිරීමේ මෙහෙයුමක් දියත් කළා යැයි ආරක්‍ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග තව දුරටත් හෙළිකළේය.

එවන් පසුබිමක් මැද ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මේ කුමන්ත‍්‍රණකාරි මෙහෙයුම ගැන අවධානය යොමුකරන්නේද?

මෙතෙක් කල් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පැවැති අතර එය එකවරම වෙනස් විය. මේ අතර මානව හිමිකම් කොමිසමට නව නිලධාරීන් පත්කරනු ලැබීය. සමගි ජන බලවේගය විසින් ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරිනි නිමල්කා ප‍්‍රනාන්දු සහ ගිහාන් ගුණතිලකගේ නම් යෝජනා කරනු ලැබීය.

මේ නිමල්කා ප‍්‍රනාන්දු ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව වාර්තා ඉදිරිපත් කරමින් පාවාදීම් රැසක් සිදුකරන අයුරු අප බලා සිටියෙමු. ඇය එහිදී කි‍්‍රයාකළේ රටට එරෙහි ද්‍රෝහි කාන්තාවක් ලෙසිනි. මැය කටයුතු කළ ආකාරය මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර ද හෙළි කරනු ලැබීය. ඒ නිසාම මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ඇයව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක් ලෙස පත් කර තිබුණි. එහෙත් රජය විපක්‍ෂය නිර්දේශ කළ දෙදෙනා පත්කළේ නැත. ඒ වෙනුවට හමුදාවට එරෙහි සටන් කර තුවාල ලත් කොටින්ට අත්වාරු ප‍්‍රදානය කළ ජාතික සාම මණ්ඩලයේ කළුපහන පියරත්න භික්‍ෂුව පත්කරනු ලැබීය. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ලවෙද්දී මේ භික්‍ෂුව ගැන අසන්නටවත් ලැබුණේ නැත.

එසේම ජාතික සාම මණ්ඩලයේ අතීත ක‍්‍රියාදාමය කුමක්ද?

  1. මාවිල්ආරු සොරොව්ව වැසීමේදී කොටින්ව බේරාගැනීම සඳහා සාම සාකච්ඡා ආරම්භ කරන ලෙස රජයට යෝජනා කිරීම
  2. හිටපු අමාත්‍ය මංගල සමරවීර සමඟ ජිනීවා මානව හිමිකම් සමුළුවේ ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ දූතයකු ලෙස කටයුතු කිරීම.
  1. නෝර්වේ සටන්විරාම ගිවිසුම ආරම්භ කිරීමට මැදිහත්වීම

එහෙත් රජයට සහ රාජ්‍ය බලධාරීන්ට මේ අතීතය අමතක වී තිබේ.

මෙම සාම මණ්ඩලයට නෝර්වේ රටේන් ක්‍රෝන් මුදල් මිලියන ගණනක් ලැබී තිබුණි. මෑතකදී කළුපහන භික්‍ෂුව රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් එක්ව ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට ගත් උත්සාහය ව්‍යාර්ථ විය.

මේ අතර සිව්දෙනෙකුගෙන් යුත් ද්‍රවිඩ සන්ධාන කණ්ඩායමක් කොළඹ ස්විස් තානාපති ඩොමිනික් ෆර්ග්ලර් හමුවී ශ‍්‍රී ලංකා රජය බලය බෙදාහැරීමට සූදානම් වී නැතැයි පැමිණිලි කළහ. සෙල්වම් අඩෙයිකලානන්දන් – විනෝ නොර්තලිංගම් – කේ. කරුණාකරන් සහ සුරේන් ගුරුස්වාමි සහභාගි වූ මෙම සාකච්ඡාව ස්විස් තානාපති කාර්යාලයේ දේශපාලන ලේකම් සිඩෝනියා ගබ්රියෙල්ද සම්බන්ධ වී ඇත.

13 වැනි සංශෝධනය මත ස්ථාපිත කළ පළාත් බලය විනාශ කිරීමට රජය කටයුතු කරනවා. උතුරු නැෙඟනහිර අපේ භූමි කොල්ලකනවා. එම ඉඩම්වල සිංහලයන් පදිංචිකරනවා. පසුගිය සතිය තුළ අපි බි‍්‍රතාන්‍ය කැනඩාව – ජර්මනිය – නෝර්වේ සහ රටවල තානාපතිවරු හමුවී මේ ගැන සාකච්ඡා කළා යැයි ද්‍රවිඩ සන්ධාන නියෝජිත කණ්ඩායම සඳහන් කරනු ලැබීය. මින් මෙම ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම ස්විස් සහ අනිකුත් තානාපතිවරුන්ට කියන්නේ උතුරු නැෙඟනහිර සියලූම ඉඩම් ද්‍රවිඩයන්ට අයිති බවත් සිංහලයන්ට එම ප‍්‍රදේශවල පදිංචි විය නොහැකි බවයි.

එදා නෝර්වේ බි‍්‍රතාන්‍ය, කැනඩාව සහ ජර්මනිය සහ රටවල් කොටි ත‍්‍රස්තවාදීන් බේරාගැනීමට ඉදිරිපත්වූ අයුරින් මෙවර ද්‍රවිඩ සන්ධාන නියෝජිතයන් දක්වන්නේ බලය ලබාගැනීම සඳහා මැදිහත්වන ලෙසයි. එහෙත් ස්විස් තානාපතිට සහ දේශපාලන කටයුතු භාර නිලධාරිනියට ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් විය හැකිද?

මේ අන්දමට නාගාලන්ත, ඇසෑම්, යන බෙදුම්වාදී සංවිධාන නියෝජිතයන්ට තම ප‍්‍රාන්තවලට පූර්ණ බලය ලබාගැනීම සඳහා ඉන්දීය රජය එරට සිටින විදේශ තානාපතිවරුන් සමග සාකච්ඡා කිරීමට ඉඩ දෙන්නේද?

මෙම පසුබිම මැද මෙරට 33 ගෙන් සමන්විත එන්. ජී. ඕ කල්ලිය එක්සත් ජාතීන්ගේ ආයතනය වෙත යැවූ වාර්තා මත ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දෙවැනි තත්ත්වයට පහළ දමා ඇත.

මේ අතර කොටි සංවිධානයේ ප‍්‍රධාන බෝම්බකරු සුරේෂ් කුමාර් තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නිදහස් විය. වන්නි මෙහෙයුම සමයේ අධිබල බෝම්බයක් එකලස් කිරීමට ගොස් ඔහුට පාද දෙකම අහිමි විය. විද්‍යුත් පරිපථ එකලස් කිරීමේ විදේශඥයකුවූ සුරේෂ් කුමාර්, රජීව් ගාන්ධි ඝාතනය සඳහා බෝම්බය එකලස් කිරීමට කටයුතු කළ බෝම්බකරු බව හෙළිවී ඇත. මෙම බෝම්බකරු නිදහස් කෙරුණේ සාක්කි ඉදිරිපත් නොවීම නිසාය. මේ පසුබිම මැද එක්සත් ජාතීන්ගේ විශේෂ දූතයන් 7 දෙනක් ශ‍්‍රී ලංකාවට තර්ජනය කරමින් පැය 48ක් තුළ ත‍්‍රස්ත මර්දන පනත අත්හිටුවනු ලෙස ලිපියක් මගින් දැනුම් දී තිබේ. එහෙත් ස්විස් සහ නවසීලන්ත ත‍්‍රස්ත මර්දන පනත් අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කර නැත.

ඇමෙරිකානු කොංග්‍රසයේ ඊලම් ව්‍යාපෘතිය හෙළිවෙයි
advertistmentadvertistment
advertistmentadvertistment