කතරගම පෙරහැර සමයේ වන්දනාකරුවන්ට ‘බයිට්’ දෙන්න දඩයක්කරුවන් යාලට පැනලා

370

වන ජීවයේ දිවා රාත්‍රී මෙහෙයුම්වලින් සැකකරුවෝ හයදෙනෙක් කූඩු

දඩයමේ යෙදී සිටි සැකකරුවන් හයදෙනෙකු මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු තුනක් සමග වනජීවි නිලධාරින් විසින් යාල ජාතික වනෝද්‍යානයෙහි කළාප අංක 01 ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී වෙඩි බෙහෙත් තොගයක්, ඊයම් කැබිලි, විදුලි පන්දමක් කිහිපයක් වියළි ආහාර ද්‍රව්‍ය, පිහි දෙකක්, ජංගම දුරකථන සමග ඝාතනය කරන ලද මුවකුගේ සහ ඉත්තෑවකුගේ මස් තොගයක්ද වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගත් සැකරුවන් තිස්සමහරාම කිරින්ද, රන්මිණිහිතැන්න, බෝගහපෑලැස්ස ප්‍රදේශවල පදිංචිකරුන් බව වනජීවි නිලධාරීහු පැවැසූහ.

කතරගම ඇසළ මංගල්‍යයට පැමිණෙන ඇතැම් පිරිස්ගෙන් දඩමස්වලට ඇති ඉල්ලුම සැපයීමට මොවුන් දඩයමේ යෙදෙන්නට ඇතැයි වනජීවි නිලධාරීහු විශ්වාස කරති. මේ නිසාම වන සතුන්ගේ ආරක්ෂාව මෙන්ම දඩයමේ යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වනෝද්‍යානයේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි වනජීවි නිලධාරීන් දිවා රාත්‍රි මුර සේවයෙහි යොදවා ඇති බව යාල වනෝද්‍යානයෙහි භාරකරු මනෝජ් විද්‍යාරත්න පැවැසීය.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment