මිලියන 1300ක විදෙස් දුම්වැටි තොගයක් කොළඹදී එස්.ටී.එෆ්. දැලේ

181

රුපියල් මිලියන 1,300 කට වඩා වැඩි වෙළෙඳපොළ වටිනාකමක් ඇති රජයේ රූපමය අවවාද සටහන් කර නොමැති තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද විදෙස් දුම්වැටි එක්කොටි හාරලක්ෂ විසිදාහක තොගයක් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (16 වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

පෙරේදා (16 වැනිදා) පස්වරුවේදී කැළණිතිස්ස විදුලි බලාගාරයේ ඉදිරිපිට මාර්ගයේදී විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී මෙම විදේශීය දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී රුපියල් මිලියන 1,300 ක වැඩි වෙළෙඳපොළ වටිනාකමක් ඇති රජයේ රූපමය අවවාද සටහන් කර නොමැති තීරුබදු නොගෙවා නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද විදෙස් දුම්වැටි එක්කොටි හරලක්ෂ විසිදාහ සහ මෙම දුම්වැටි තොගය ප්‍රවාහනය කිරීමට යොදාගත් අංක WPLY 4822 දරණ කන්ටේනර් රථය හා එහි LX 2929 දරණ ටේලර් කොටස සහ දුම්වැටි ගබඩා කර තිබූ බහාලුම සමග මාකොළ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්. එම්. කේ. විජේසිංහ මහතාගේ මඟපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි ස්ථානාධිපති පො.ප. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment