දකුණු අපි‍්‍රකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක

202

දකුණු අපි‍්‍රකාව සහ නවසීලන්තය අතර ක‍්‍රයිස්ච්චර්ච්හි ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (18 වැනිදා) දිනය අවසන් වන විට සංචාරක දකුණු අපි‍්‍රකා කණ්ඩායම ඉනිමක පරාජයෙන් බේරීමේ දැවැන්ත සටනක නිරතව සිටියේය.

ඊයේ දිනය අවසන් වනවිට දකුණු අපි‍්‍රකා කණ්ඩායමේ කඩුලූ 3 ක් ලකුණු 34 කට බිඳවැටී තිබූ අතර ඉනිමක පරාජයෙන් බේරීම සඳහා කඩුලූ 7 ක් අතැතිව ඔවුන් තවත් ලකුණු 353 ක් ලබාගත යුතුව තිබේ.

දකුණු අපි‍්‍රකාව පළමු ඉනිමේදී ලකුණු 95 කට දැවී ගිය අතර ඊට පිළිතුරු ලෙස නවසීලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 482 ක් රැුස් කළේය. නවසීලන්තය වෙනුවෙන් හෙන්රි නිකොලස් ශතකයක් ලබාගත් අතර කඩුලූ 7 ක් සහ ලකුණු 50 ක් ලබාගත් අංක 11 ලොව පළමු කී‍්‍රඩකයා බවට පත්වීමට මැට් හෙන්රි මෙම තරගයේදී සමත් විය. ලකුණු 23 කට කඩුලූ 7 ක් දවා ගත් ඔහු නොදැවී ලකුණු 58 ක් ලබා ගත්තේය.

ලකුණු සාරාංශය

දකුණු අපි‍්‍රකාව පළමු ඉනිම 95, මැට් හෙන්රි 23-7

නවසීලන්තය පළමු ඉනිම 482, හෙන්රි නිකොලස් 105, බල්න්ඩල් 95

දකුණු අපි‍්‍රකාව දෙවැනි ඉනිම 34-3

advertistmentadvertistment
advertistmentadvertistment