චීන කටු ප්‍රතිකාරයෙන් රුව ලස්සන කිරීම

123

තමාගේ රූපය අන් අයගේ ආකර්ශනය දිනා ගතහැකි අයුරින් පවත්වා ගෙන යෑමට අපි කොයි කවුරුත් කැමැත්තක් දක්වන්නෙමු. මුහුණේ අලංකාරය පමණක් නොව සිරුරේ සමේ පැහැපත් බව, දීප්තිමත් බව ද ඒ සඳහා වැදගත් වේ. ඒ සඳහා බොහෝ තරුණියන් සහ තරුණ වියෙන් මැදිවියට පත්වන කාන්තාවන් විවිධ ආලේපන වර්ග විටමින් වර්ග භාවිත කරති. කාන්තාවන් පමණක් නොව පිරිමින් පවා තම රුව අලංකාරව පවත්වා ගැනීම සඳහා විවිධ රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිත කරති.

චීන කටු චිකිත්සාවේ ද රුව අලංකාරය සඳහා විශේෂ ප්‍රතිකාර ක්‍රම පවතී. එය තරුණ වියේ පසු වන අයට සහ මැදිවියට පත් වෙමින් සිටින අයට ලෙසින් විශේෂ ප්‍රතිකාර ක්‍රම යොදා ගනු ලබයි.

තරුණ වියේදී

තරුණ වියේදී රුව අලංකාරය වෙනස් වීමට බලපාන්නේ මුහුණේ කුරුලෑහට ගැනීම, දෑත් දෙපාවල සමේ පැහැය වෙනස් වීම, සම මත කළු පැහැති ලප හටගැනීම, රතු පැහැති බිබිල දැමීම, සම වියළි ස්වභාවයක පැවතීම, කොර පොතු හටගැනීම ආදියයි.

මේ සඳහා බොහෝවිට බලපාන්නේ තරුණ වියේදී හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම් හටගැනීමය. මෙම හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වීම චීන කටු චිකිත්සාව මගින් සුවපත් කළ හැකිය. ඒ සඳහා අදාළ නිලවලට රන්, රිදී සහ තඹ ආදී කටු වර්ග භාවිත කරමින් නිල තෙරපුමට ලක් කරනු ලබයි. විශේෂයෙන්ම රනින් කළ කටු භාවිතය මගින් සිදු කරන ප්‍රතිකාර මගින් සමේ පැහැපත් බව වැඩි වේ.

සමෙහි රැලි වැටීමක් හෝ දුර්වර්ණ බවක් ඇත්නම් ඒ සඳහා බලපා ඇති සමේ කොලාජන් තන්තුවල ක්‍රියාකාරීත්වයේ පවතින දුර්වලතා චීන කටු චිකිත්සාව මගින් සිදුකරන නිල තෙරපුම මගින් නැති කර ඒවායේ ක්‍රියාකාරීත්වය වර්ධනය කළ හැකිය.

මුහුණ පිට සහ පපු ප්‍රදේශයේ තරුණ වියේදී කුරුලෑ හටගන්නේ ලිංගික හෝමෝනවල ක්‍රියාකාරීත්වයේ ඇති වන වෙනස්කම් නිසාය. මෙම වෙනස්කම් චීන කටු චිකිත්සාව මගින් යළි සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකිය.

මැදිවියේදී

මැදිවියට පත්වන විට බොහෝ දෙනාට මතු වන ගැටලුව වන්නේ සම එල්ලා වැටීම රැලි ගැසීම ආදියයි. ඒ සඳහා බලපාන කොලාජන් තන්තුවල ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවට විශේෂ ප්‍රතිකාර ක්‍රම ඇත. මැදිවියේදී සම එල්ලා වැටීම නිසා උදරය ඉදිරියට නෙරා ඒම දෑත් දෙපාවල මස් පිඬු එල්ලා වැටීම, පියයුරු එල්ලා වැටීම, මුහුණේ රැලි ගැසීම ආදිය ඉතා පහසුවෙන් සිදු වේ. මෙය නැති කළ හැක්කේ සමේ කොලාජන් තන්තු ශක්තිමත් කිරීම මගිනි.

බොහෝ දෙනා මේ සඳහා ආලේප වර්ග, හෝමෝන පෙති, හෝමෝන එන්නත් වර්ග ආදිය භාවිතය මගින් සිදුවන්නේ පවතින රුව තව තවත් විරූපී වීමය. ඊට අමතරව විවිධ අතුරු ආබාධවලට ලක් වීමය.

නමුත් චීන කටු ප්‍රතිකාර ක්‍රමයේදී කිසිදු ඖෂධ වර්ගයක් පානයට නොදීම සහ ආලේප වර්ග භාවිතය නොකිරීම නිසා අතුරු ආබාධ ඇති නොවේ.

චීන කටු ප්‍රතිකාරයේදී සිදු කරන්නේ සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමය. අපට බොහෝ රෝග වැළදෙන්නේ සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වූ විටදීය.

රූපලාවන්‍ය විශේෂ ප්‍රතිකාර

රුව අලංකාරය සඳහා සිදුකරන චීන කටු ප්‍රතිකාර ක්‍රමයේදී විශේෂිත රූපලාවන්‍ය තෙරපුම් ක්‍රම යොදා ගනු ලබයි. ඒ සඳහා විශේෂ වූ විද්‍යුත් උපකරණ භාවිත කරමින් චීන කටු චිකිත්සාව සිදු කරනු ලබයි. එහිදී ඊට විශේෂිත රනින් කළ කටු ආදිය යොදා ගනු ලබයි.

මෙම රනින් කළ චිකිත්සාව මගින් සමේ වියළි බව නැති කර ගැනීම, කොරල බව නැති කරගැනීම, පැහැය දුර්වර්ණ වීම නැති කිරීම ආදිය ඉතා පහසුවෙන් සිදු කළ හැකිය. මෙම ප්‍රතිකාර ක්‍රමයේදී විවිධ මැණික් වර්ග සහිත චීන කටු වර්ග ද භාවිත කරනු ලබයි.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0714299777 ඇමතිය හැකිය.

චීන කටු ප්‍රතිකාරයෙන් රුව ලස්සන කිරීම

කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ අධ්‍යක්‍ෂ සහ වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ
මාධ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment