චුන්නාකම් පොලිසියේදී අමානුෂීය ප්‍රහාරයකට ලක් වූ තරුණයෙක් රෝහල් ගත කරයි

104

යාපනයේ චුන්නාකම් පොලිසියේදී අමානුෂීය ප්‍රහාරයකට ලක් වූ තරුණයෙකු හදිසි ප්‍රතිකාර සඳහා 28 දා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

හොරකමක් සම්බන්ධයෙන් යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ තරුණයෙකු අත් අඩංගුවට ගෙන චුන්නාකම් පොලිසිය වෙත රැගෙන යෑමෙන් පසුව ඔහුට පොලිසිය ඉතා අමානූෂීය ලෙස පහර දුන් බව එම තරුණායා රෝහලේදී ප්‍රකාශ කොට තිබේ. පොලිසිය පහර දීම නිසා එම තරුණයාගේ ඉල ඇටයක් බිඳී ගොස් කශේරුකාවටද හානි සිදුව ඇති බව වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.

මීට මාසයකට පමණ ඉහතදී යාපනයේ තරුණයෙකුට වඩුක්කෝඩෙයි පොලිසිය තුළදී පහර දීම නිසා ඔහු බරපතල තුවාල ලැබූ අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කොට ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment