විදුලි බිලට එරෙහිව අද සිට රටේ කළු කොඩි පෝයටත් කළු අඩ හෝරාවක් – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

98

විදුලි බිල වැඩි කිරීමට විරෝධය පෑමට සෑම නිවසකම, සෑම ව්‍යාපාර ස්ථානයකම හා සෑම පූජනීය ස්ථානයකම අද සිට ලබන මස 20 වැනි දා දක්වා කළු කොඩියක් ඔසවා තබන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ පැවසීය.

ඊයේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය.

ඒ වගේම එළඹෙන පෝය දින (28 දා) කළුවර අඩ හෝරාවක් රාත්‍රී 7.00 සිට 7.30 දක්වා ප්‍රකාශයට පත් කරන බව ද කී ඒ මහතා එම අඩ හෝරාවේදී සියලු විදුලි පහන් නිවා දමා රජයට විරෝධය පළකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හා බහුජන සංවිධාන ඒකාබද්ධව ලබන නොවැම්බර් මස පළවෙනි බදාදා කොළඹ-කුරුණෑගල පහ මාර්ගයේ දිවුලපිටිය ප්‍රධාන බස්නැවතුම්පළ ඉදිරිපිටින් උදෑසන 8:00 විරෝධතා පාගමනක් ආරම්භ කරන බව ද කී සංජීව ධම්මික මහතා එය දිවුලපිටියේ සිට කොළඹ මල් පාරේ පිහිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට පැමිණීමට කටයුතු යොදා ඇති බව හෙතෙම සඳහන් කළේය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment