රටේ සම්පත් ආරක්ෂා කරනවා යැයි බලය අරන්… බලශක්තිය ඇමරිකාවට විකුණූ ආණ්ඩුව අද දේශද්‍රෝහීන් වෙලා

121

ජාත්‍යන්තර ආයතනවලට, සමාගම්වලට, පිටරටවලට මේ රටේ බලශක්තිය විකුණුවම ඒ අයට පුළුවන් මේ රටේ විදුලිය විසන්ධි කරන්න. අපේ රටේ ආර්ථිකයට එහිදී මොකක්ද වෙන්නේ. අපේ කර්මාන්ත ක්‍ෂෙත‍්‍රය කඩා වැටෙනවා. නිෂ්පාදන ආර්ථිකය කඩාගෙන වැටෙනවා යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (23 දා* පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

මේ රජය බලයට ආවේ සෞභාග්‍යය දැක්ම එළිදක්වන්න. එහිදී මේ අය කියපු කරුණු ගණනාවක් තියෙනවා. ජනතාවට පොරොන්දු වුණේ රටේ සම්පත් ආරක්ෂා කරනවා කියලා. හැබැයි මේ අය බටහිර පර්යන්තය දෙන්න ඕන උනාම නැගෙනහිර පර්යන්තය විකුණනව කියල තමයි කිව්වෙ. එය ලබා දෙන්න එපා කියලා නරි නාට්‍යයක් පටන් ගත්තා. ඒ ආකාරයට මේ රටේ බලශක්තිය විකුණන්න කටයුතු කරන කොටත් නැවතත් නරි නාටකය ආරම්භ කර තිබෙනවා. ඩලස් අලහප්පෙරුම බලශක්තිය ඇමැතිවරයා හිටියේ දැන් එතුමාව අයින් කරල ලොකුගේ මැතිතුමා පත්කරා. මෙම අය වයසක උදවිය. එම අයට මේ රටේ අනාගතය පිළිබඳ අවශ්‍යතාවක් නැතුව ඇති. නමුත් මේ පුද්ගලයන්ගේ ජීවිත කාලය අවසන් වේගෙන එනවා. එම නිසා මේ රටට හෙන ගැහුවත් කමක් නෑ කියලා හිතනවා ඇති.

ලොකුගේ ඇමැතිතුමා මීට දින කිහිපයකට ඉහත දී කියනවා මිනිස්සු විදුලි බිල ගෙවන්නේ නෑ. මේ රටේ පුළුවන් මිනිස්සුත් විදුලි බිල ගෙවන්නේ නැති නිසා බලශක්ති අර්බුදයකට රට යනවා කියලා. එහිදී බළලා මල්ලෙන් එළියට පැන්නා. ඔලූව දාන්න කලින් මුට්ටිය දාලා බැලූවා ඒත් එක්කම තමයි මධ්‍යම රාත‍්‍රියේ රෑ 12:00 යි 06 ට බැසිල් රාජපක්ෂ මහත්තයා හොර ගිවිසුම අත්සන් කරලා.

සෞභාග්‍ය දැක්මේ කිව්වේ රටේ සම්පත් විකුණන්නෙ නෑ කිව්වා. විකුණපු සම්පත් පවර ගන්නවා කිව්වා. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරගන්නවා, ආර්ථිකය ආරක්ෂා කරනවා කිව්වා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද මේ රටේ ආර්ථිකය හදන්නේ කොහොමද? මේ රටේ දේශපාලනයේ අනාගතයේ සිදුවන දේ පැහැදිලියි. විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර ආයතන වලට සමාගම්වලට පිටරටවලට මේ රටේ බලශක්තිය විකුණුවම ඒ අයට පුළුවන් මේ රටේ විදුලිය විසන්ධි කරන්න. අපේ රටේ ආර්ථිකයට එහිදී මොකක්ද වෙන්නේ. රටේ කර්මාන්ත ක්‍ෂෙත‍්‍රය කඩාවැටෙනවා. නිෂ්පාදන ආර්ථිකය කඩාගෙන වැටෙනවා. අපනයන ආර්ථිකය කඩාගෙන වැටෙනවා. රටට ආයෝජකයෝ එන්නේ නැහැ. රට ආර්ථික වශයෙන් විනාශ වෙනවා. එහිදී ජාතික ආරක්ෂාවට මොකද වෙන්නේ. අපේ රටේ මිනිස්සුන්ට ජාතික ආරක්ෂාව ගැන පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

අපිට මතකයි එල්ටීටීඊ සමයේදී මෙම ත‍්‍රස්තවාදීන් අපේ බලාගාරවලට ගැහුවම රට අඳුරේ තිබුණා. ඕක තමයි අපේ රටේ ජාතික ආරක්ෂාවට වෙන්නේ. ඒත් එක්කම මේ සමාගමට පුළුවන් බලශක්තිය නිෂ්පාදනය කරන ප‍්‍රධාන පුරුකක් හැටියට හෙට විදුලි බිල වැඩි කරන්න. විදුලිය කපන්න. අපිට කරන්න දෙයක් නැහැ. බලාගෙන ඉන්න සිදුවෙනවා. දේශපාලන වශයෙන් ආයතන හසුරුවන්නේ කොහොමද විදේශ රටවල් වල සමාගම් මේ රටේ දේශපාලනය හසුරුවන්නේ කොහොමද? ආණ්ඩුවට කියනවා අපේ රට ඉදිරියට විදුලි බිල වැඩි කරනවා කියලා. විදුලිය කපනවා කියලා විපක්ෂයට කියන්න පුළුවන් අපේ ආණ්ඩුව දණ ගහන්න පුළුවන් අපි දණ ගස්සනව කියලා. රටේ සමස්ත දේශපාලනයම මේ අය හසුරුවන්න පටන් ගන්නවා. මේ ජාත්‍යන්තර සමාගම් වලට ඒක තමයි ඇත්ත කතාව රටේ බලශක්තිය ඇමරිකාවට විකුණලා ආණ්ඩුව දේශද්‍රෝහීන් බවට පත් වෙලා හමාරයි.

විමල් වීරවංශ මහතා එදා කිව්වා කොකාකෝලා බොන්න එපා කියලා. ඇමරිකානු අධිරාජ්‍යවාදී ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරී වැඩවලට එරෙහි වෙන්න ඕන කියලා. අපි විමල් වීරවංශගෙන් අහනවා අද ගෙදර ඉන්නවද? ඇමරිකාවේ නිසා තමයි රටේ ජනතාවට කොකා කෝලා බොන්න එපා කිව්වේ. උදය ගම්මන්පිලගෙන් අහනවා කටේ පිට්ටු ද කියලා? වාසුදේව නානායක්කාරගෙන් අහනවා කටේ පස් ද කියලා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment