සෝම හිමියෝ තරුණ පරපුර යහමඟට ගැනීමට පුරෝගාමී මෙහෙවරක නිරත වුණා

96

පල්ලේවෙල දේවරක්ෂිත නාහිමි සෝම හිමි දහනව වැනි ගුණ සමරු උළෙලේදී පවසති

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන් තරුණ පරපුර යහමඟට ගැනීමටත්, බුදු දහම ලොව ප්‍රචලිත කිරීමටත් පුරෝගාමී වූ මහා යතිවරයාණන් වහන්සේ නමක් හැටියට අවංකවම අපි සියලුදෙනාම පිළිගත යුතු බව පල්ලේවෙල දේවරක්‍ෂිත නාහිමියෝ පැවසූහ.

නාහිමියන් එසේ පැවසුවේ අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ 19 වන ගුණානුස්මරණ උත්සවය, නුගේගොඩ දෙල්කඳ මංසන්ධියේ පිහිටි සෝම නාහිමියන්ගේ පිළිරුව අසල පැවැති උත්සවයකදී ය.

මෙම උත්සවය ගංගොඩවිල බොදු පදනම මගින් සංවිධානය කර තිබිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ දේවරක්‍ෂිත නාහිමියෝ, සෝම නාහිමියන්ගේ චරිතය ඉතා චාම් චරිතයක්. උන්වහන්සේ මුළු ජීවිතයම කැප කළේ ආගම දහම, තරුණ පරපුර වෙනුවෙන්මයි. උන්වහන්සේගේ අභාවය වර්තමානයට විශාල අඩුපාඩුවක් හැටියට තමන්වහන්සේ දකින බව ද උන්වහන්සේ එහිදී පැවසූහ.

එහිදී බොදු පදනමේ සභාපති දේශමාන්‍ය ජයන්ත ජයමාන්න මහතා අදහස් දක්වමින් වර්තමානයට ඉතාමත් අවශ්‍ය කාල වකවානුවක සෝම නාහිමියන්ගේ අභාවය අපි සියලු දෙනාටම ඉතාමත් අඩුවක් බව පැවසීය.

එහිදී දාපනේ විමලවංශ හිමියෝ ද ජයන්ත ඩයස් මහතා ද කතා කළහ.
ධර්මසේන වැලිපිටිය

අපවත්වී වදාළ ගංගොඩවිල සෝම නාහිමියන්ගේ නුගේගොඩ දෙල්කඳ හංදියේ පිහිටි පිළිරුවට, සෝම නාහිමියන්ගේ සොහොයුරු පද්මසිරි වීරතුංග, දේශමාන්‍ය ජයන්ත ජයමාන්න යන මහත්වරුන් විසින් පුෂ්පෝපහාර දක්වන අයුරු.

ඡායාරූපය – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment