බැංකු පොලී තවත් බහී

8258

ඉකුත් සිකුරාදා (25 දා) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලු ම බැංකු වෙත නිකුත් කළ නව චක්‍ර ලේඛයට අනුව බැංකුවල ණය පොලී අනුපාත තවදුරටත් අඩුවනු ඇතැයි මහ බැංකුව පවසයි.

එම චක්‍ර ලේඛය මගින් වාණිජ බැංකුවලට උපරිම ණය පොලී අනුපාත සීමා පැනවීමට මහ බැංකුව පියවර ගත් අතර මේ අනුව බැංකු ණය පොලී අනුපාත අඩුවීම වේගවත් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. වත්මන් මුදල් ප්‍රතිපත්තියට අනුකූල නොවන ලෙස ඇතැම් බැංකු ණය පොලී අනුපාතික අධික ලෙස ඉහළ මට්ටමක පවතින බව මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිරීක්‍ෂණය කර ඇත.

මේ අනුව මහ බැංකුව නිකුත් කළ චක්‍ර ලේඛය මගින් බැංකුවල උකස් ණය වාර්ෂික පොලිය සියයට 18ක් ද පෙර ගිවිස ගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත අය කළ හැකි පොලිය සියයට 23ක් සහ ක්‍රෙඩිට් කාඩ් මත අය කළ හැකි වාර්ෂික පොලිය සියයට 28ක් ද වශයෙන් උපරිම පොලී අනුපාතික සීමා පැනවීමට මහ බැංකුව කටයුතු කළේය. එසේම බැංකුවල දඩ පොලී අනුපාතික අදාළ ණය පහසුකම සඳහා අයකරන සාමාන්‍ය පොලී අනුපාතයට වඩා සියයට 2ක උපරිමයක් විය යුතු බවට ද මහ බැංකුව නියම කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment