රාජා ජුවලර්ස් සිව්වැනි ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩ දී විවෘත වේ

156

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් ආභරණ ක්‍ෂේත්‍රයේ නව පෙරළියක සනිටුහන් කරමින් විවිධත්වවයන් යුතු ආකර්ෂණීය ස්වර්ණාභරණ එකතුවක අත්දැකීම පාරිභෝගිකයා වෙත ලබාදෙමින් සිය අභිමානවත් සිව්වැනි ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩදී විවෘත කරන ලදී.

1928 සිට වසර 95ක කීර්මත් ඉතිහාසයකට හිමිකම් කියන රාජා ජුවලර්ස් ශ්‍රී ලංකාවේ සම්මානනීය ස්වර්ණාභරණ සන්නාමයක ලෙස සැළකිය හැකිය. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලද කිරිබත්ගොඩ ප්‍රදර්ශනාගාරය අලංකාර ස්වර්ණාභරණ එකතුවක සමඟ පාරිභෝගිකයාගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම වෙනුවෙන් කැපවී සිටියි. රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යකෂ අතුල එළියපුර මහතා කිරිබත්ගොඩ නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම පිළිබඳව මෙසේ සිය අදහස් දකවන ලදී. “අපේ නව ප්‍රදර්ශනාගාරය උසස් හා වගකීමක සහිත ශිල්පීය ක්‍රමයන්ගෙන් අනූන වූ ස්වර්ණාභරණ රැසකින් සමන්විත වන අතර පාරිභෝගික අවශ්‍යතාව සපුරාලමින් විශ්වාසනීයත්වය තහවුරු කිරීමට අපි නිරතුරුවම කැපවී සිටිමු. අපගේ වටිනා ගනුදෙනුකරුවන් වෙනුවෙන් තරඟකාරී මිල ගණන් යටතේ ආකර්ෂණීය අද්විතීය මෝස්තර වලින් සමන්විත විශිෂ්ට ස්වර්ණාභරණ එකතුවක නව ප්‍රදර්ශනාගාරය මඟින් පිළිගැන්වීමට හැකිවීම ගැන අපි සතුටු වවමු.” මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම වෙනුවෙන් විශේෂ වට්ටම් සහිත ප්‍රවර්ධන දීමනා ක්‍රියාත්මක කිරීමද රාජා ජුවලර්ස් විසින් සිදුකරන ලදී. රාජා ජුවලර්ස් කිරිබත්ගොඩ නව ප්‍රදර්ශනාගාරය වෙත පිවිසීමට සියලුම පාරිභෝගිකයන් වෙත ආරාධනා කරන අතර, අලංකාර මෝස්තර වලින් සමන්විත සිය සිතැඟි ස්වර්ණාභරණ මිලදීගැනීමේ සුවිශේෂී අවස්ථාව දැන් විවෘතව පවතී. පරම්පරා ගණනාවක ස්වර්ණාභරණ කලාවේ විශ්වාසනීයත්වය තුළින් සියලු වයස් කාණ්ඩවල පිරිස් වෙනුවෙන් ස්වර්ණාභරණ මිලදීගැනීමේ හැකියාව රාජා ජුවලර්ස් කිරිබත්ගොඩ ප්‍රදර්ශනාගාරයේ අන්තර්ගත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment