ස්ටාර් ගාමන්ට්සස් සමූහය, LEED සහතික හයක් සමගින් තම තිරසාර ව්‍යාපාර භාවිතය ශක්තිමත් කරයි

121

ධනාත්මක සමාජ බලපෑමක් සමගින්ට් තිරසාර ව්‍යාපාර ගමනක නිරතව සිටින, ප‍්‍රමුඛ පෙළේ ගෝලීය ඇඟලූම් නිෂ්පාකෙදයකු වන ස්ටාර් ගාමන්ට්ස් සමූහය, අමෙරිකා එක්සත් ජනපදයේ හරිත ඉදිකිරීම් කවුන්ට්සිලය (USGBC) මගින්ට් පිරිනමන බලශක්ති හා පාරිසරික නිර්මාණ සැලසුම් අංශයේ නායකත්වය උදෙසා වන සහතිකය (LEED) දිනාගැනීමට පසුගියො සමත් විය.

එහිදී ස්ටාර් ගාමන්ට්ස්හි බුත්තල කර්මාන්තශාලාවට LEED රන් සහතිකයද, කඩුවෙල ස්ටාර් ෆැෂන් ක්ලෝදින් ආයතනයට සහ ස්ටාර් ගාමන්ට්ස් බද්දේගම කර්මාන්තශාලාවට LEED රිදී සහතිකද හිමිවිය. මේ සමග ස්ටාර් ගාමන්ට්ස් සමූහය සතු සමස්ත LEED සහතිකලත් ආයතන සංඛයාව හයක් දක්ව්‍ා වර්ධනය විය. එනම්, මේ වන විට සමූහය සතුව LEED ප්ලැටිනම්, LEED රන් හා LEED රිදී සහතික ලත් ආයතන දෙක බැගින් තිබේ. වර්ෂ 2024 ව්වනවිට ස්ටාර් ගාමන්ට්ස් සමූහය සතු කර්මාන්තශාලා 14ටම LEED සහතික ලබාගැනීම ඉලක්කය වේ. එමෙන්ම නවතම LEED සහතිකරණ (LEED 4ග0 සංස්කරණය) යටදත් LEED ප්ලැටිනම් සහතිකය දිනාගත්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම කර්මාන්තශාලා ගොඩනැගිල්ල බවට කටුනායක Star Innovation Center ආයතනය පත්වූ අතර, සමස්ත අග්නනි දිග ආසියානු කලාපයේම ‘Passive House Design’ සංකල්පය යටතේ ඉදිකළ කර්මාන්තශාලාව බවටද එය පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment