අයිඩියල් ෆස්ට් චොයිස්හි නවතම ව්‍යාපාරය වන Gulf Lubricants වෙතින් ගජබා සුපර් ක්‍රොස් 2022 සඳහා සුවිශේෂී අනුග‍්‍රහයක්

64

2022 වසරේ පැවැත්වූ පළමු මෝටර් රථ තරගාවලියවූ ගජබා සුපර් ක්‍රොස් 2022 සඳහා අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම මගින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන Gulf Lubricants සුවිශේෂී අනුග‍්‍රහයක් ලබාදෙන ලදී.

ගජබා සුපර් ක්‍රොස් 2022 මෙම මස 05 වැනිදා 06 වැනිදා අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු ධාවන පථයේ දී පැවැත් වූයේ කොවිඞ් 19 වසංගතය ආරම්භ වී වසර දෙකකට පසුවය.

එංජින් ධාරිතාව අනුව මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරග කාණ්ඩ කිහිපයක් යටතේ පවත්වන ලදී.

මෙරට රථවාහන ක්‍ෂේත‍්‍රයේ මුඛතම ව්‍යාපාර සමූහයක් වන අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම විසින් ලොව පුරා ජාත්‍යන්තරව පිළිගත් Gulf Lubricants පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබීය.

ලොව පුරා රටවල් 100කට අධික ප‍්‍රමාණයක ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති gulf lubricants ශ‍්‍රී ලංකාවේ අලෙවි නියෝජිත ලෙස Gulf Lubricants India සමාගම විසින් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම පත් කිරීමෙන් පසු Gulf Lubricants සන්නාමයේ මෙරට අලෙවි කටයුතු ඉතා සාර්ථකව සිදුකෙරේ.

Gulf Lubricants ශ‍්‍රි ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමෙන් පසු මෙරට ප‍්‍රමුඛ පෙළේ මෝටර් තරගාවලි සඳහා අනුග‍්‍රහය ලබාදීමට කටයුතු කරන ලදී. එහි ප‍්‍රථම පියවර වශයෙන් මෙම වසරේ පැවැත්වූ පළමු මෝටර් රථ තරගාවලියවූ ගජබා සුපර් ක්‍රොස් 2022 සඳහා Gulf Lubricants අනුග‍්‍රහය දක්වන ලදී. ඉදිරියේදී ද පැවැත්වීමට නියමිත මෝටර් රථ තරගාවලි සඳහා ද මෙලෙස අනුග‍්‍රහය ලබාදීමට Gulf Lubricants බලාපොරොත්තු වේ.

මෙරට රථ වාහන ක්‍ෂේත‍්‍රයේ සුඛෝපභෝගී වාහන සඳහා ප‍්‍රමුඛතම සේවාවන් ලබා දෙන සමාගමක් ලෙස අයිඩියල් ෆස්ට් චොයිස් සමාගම හැඳින්විය හැකිය. අයිඩියල් ෆස්ට් චොයිස් වාහන සේවා සැපයීමට අමතරව, Bosh ඞීසල් සේවා මධ්‍යස්ථානයක්, වාහන තීන්ත ආලේපන සඳහා භාවිතා කරන ලොව ප‍්‍රමුඛතම සන්නාමයක් වන ඇක්සොනොබෙල් හා යතුරුපැදි අමතර කොටස් අලෙවි ජාලයකින් ද සමන්විත වේ. අයිඩියල් ෆස්ට් චොයිස් වෙත එක්වූ නවතම සන්නාමය ලෙස Gulf Lubricants සන්නාමය හැඳින්විය හැකිය.

අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගමේ Gulf Lubricants ව්‍යාපාර අංශ ප‍්‍රධානි සංජීව කස්තුරිරත්න මහතා විසින් Super Car අංශයේ ජයග‍්‍රාහක, ප‍්‍රකට මෝටර් රථ ධාවන ශූර අශාන් සිල්වා වෙත ශූරතාව පිරිනමන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment