නඩුව පෙන්වා ලිංගික අල්ලස් ගත් එස්.අයි. රිමාන්ඩ්

629

කාන්තාවට පැවරී තිබෙන නඩුවකින් සහනයක් ලබාදෙන බවට පොරොන්දුවී ඇයගෙන් ලිංගික අල්ලස් ගැනීමට තැත්කළ කල්මුණේ පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයෙක් අල්ලස් නිලධාරීන් පිරිසක් විසින් හෝටලයක් තුළ දී අත්අඩංගුවට ගනු ලැබීය.

මේ පිළිබඳව අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. එච්. එම්. එන්. ජයපත්ම මහතාගෙන් විමසූවිට ඔහු කීවේ මෙම උප පොලිස් පරීක්‍ෂකවරයා 57 වියේ පසුවෙන බවත් ඔහු තව වසර තුනකින් විශ්‍රාම යෑමට නියමිතව සිටි බවත් ය.

අදාළ කාන්තාව කිසියම් චෝදනාවට ලක්වී ඇප මත සිට ඇත. මෙම නඩුවෙන සහනයක් ලබා දෙන්නම් යැයි කියා උප පොලිස් පරීක්‍ෂකවරයා ඇයගෙන් මෙම ලිංගික අල්ලස් ලබාගැනීමට ක්‍රියාකර ඇතැයි පොලිසිය කියයි.

සැකකාර පොලිස් නිලධාරියා කල්මුණේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment