අවුරුදු 3ට අඩු බබාලාට යළිත් ත්‍රිපෝෂ- ඇමැති රමේෂ්

86

වයස අවුරුදු 03ට අඩු දරුවන් වෙනුවෙන් ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන ලබන මස සිට නැවත ආරම්භ කරන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (30දා) කීය.

ඒ සඳහා පසුගිය සතියේ කැබිනට් අනුමැතිය හිමිවූ බවද එම අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුර කියා සිටියේය.

එම වැඩසටහන දුර්වලවීමට හේතු වූයේ ත්‍රිපෝෂ නිෂ්පාදනය වෙනුවෙන් ගනු ලබන බඩඉරිඟුවල තිබෙන බව කියන ඇපලටොක්සීන් පිළිකා කාරකයේ ප්‍රතිෂතයන් සම්බන්ධයෙන් මතුවූ ගැටලුව බවද ඇමැතිවරයා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ සම්බන්ධයෙන් ලබාදුන් නව නිර්දේශය අනුගමනය කරමින් නැවත ත්‍රිපෝෂ නිෂ්පාදනය ආරම්භ කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment