දෙවන වරටත් කුඩු සමග කොටුවූ චීවරධාරියා සිවුරු ගලවා කන්දකාඩු යවයි

1147

දෙවන වරටත් හෙරොයින් සමග මතුගම පොලිසියේ අත්අඩංගුවට පත් චීවරධාරියකු උපැවිදි කර අධිකරණයට ඉදිරිපත් කරන ලදුව කන්දකාඩුව මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයයට යොමු කර ඇත.

මීට මසකට පෙරදී මෙම චීවරධාරියා මතුගම පොලිසියේ වැටලීමකදී අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කර රුපියල් පහලොස්දහසක දඩයක් හා වසර දහයක අත්හිටවුූ සිර දඬුවමක් නියම විය.

මෙම විසිහතර හැවිරිදි චීවරධාරරියා කළුතර ප්‍රදේශයේ විහාරවාසි සරසවි සිසුවෙකි. පසුව අනාවරණය ඇත්තේ මෙම චීවරධාරීයා චීවරයට මුවාවී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ප්‍රවාහකයකු ලෙසද කටයුතු කරනා බවය.

අත්අඩංගුවට ගත් චීවරධාරීයා පැවිදි කළ නායක හිමියන් මතුගම පොලිසිය විසින් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසියට පැමිණි හිමිවරුන් දෙදෙනකු විසින් චීවරධාරීයා උපැවිදි කර ඇත.

පසුව සැකකරු මතුගම පොලිසිය විසින් කළුතර දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සැකකරුගේ ශරීරගතව ඇති බවට තහවුරු කර ඇත.

පසුව මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කරුණු දැක්වූ පසු සැකකරු මාස හයක කාලයකට කන්දකාඩුව මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයයට යොමු කිරීමට නියම කර ඇත.

මතුගම සහකාර පොලිස් අධිකාරි චන්ද්‍ර පද්මලාල්, මතුගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක චන්දිම හා සඳරුවන් (පො.කො.85292) විසින් අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි.
මතුගම විශේෂ අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment