අත්තිඩිය බේකරිය හන්දිය හෝටලයක සේවය කළ සූපවේදියකුට උණ බම්බුවකින් පහරදී ඝාතනය කර සැඟවී සිටි එම හෝටලයේම සේවය කළ සේවකයකු පෙරේදා (15 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.
14 වැනිදා රාත්‍රි ඝාතනයට ලක්වී තිබුණේ නුවරඑළිය, ස්ට්‍රැන්ඩිප් වතුයාය, ස්ට්‍රැන්ඩිප් කොටස, අප්කොට් පදිංචිව සිටි අන්තෝනි ජේසුදාසන් නමැති 44 හැවිරිදි සූපවේදියෙකි.
මියගිය අය හෝටල් රාජකාරි නිමාකර පිටව ගොස් ඇත. ඒ අතරතුර එම හෝටලයේම සේවය කළ සැකකරු සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් සැකකරු විසින් මොහුගේ හිසට පොල්ලකින් පහරදී පලාගොස් තිබිණි.
119 පොලිස් හදිසි ඇමතුම් අංශයට රාත්‍රි අතුරු මාර්ගයක පුද්ගලයකු තුවාල ලබා බිම වැටී සිටින බවට ලද ඇමතුමක් අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් තුවාලකරු කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත යැවීමට පියවර ගෙන තිබිණි. එහිදී වෛiවරුන් රෝගියාව පරීක්ෂා කර බලා ඇති අතර එහිදී ඔහු මියගොස් ඇතැයි වෛiවරුන් පොලිසියට දැනුම් දී තිබිණි.
ඒ අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට හඳුනාගත් පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීය. ඒ අනුව ලද තොරතුරකට අනුව සැකකරු ගල්කිස්ස, දුම්රියපළ ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය, බඹරගලවත්ත පදිංචිව සිටි 57 හැවිරිදි අයෙකි.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ, පොලිස් අධිකාරි (ෂ) රොහාන් පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන රත්නායක (61189), වීරසේකර (25426), රත්නායක (71021), රවීන්ද්‍ර (101699) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ පින්සිරි ආරියරත්න – රත්මලාන