හව්හරණක් නැති යාචකයන්ට පිහිටවුණ “යාචකයා” – නිකිණි පෝදා ‘දිවයින’ කැමරා ඇස

695

කිසිම දිනෙක කවුරුවත් කතා නොකරන විදියේ සිඟමන් යදිනා යාචකයාගේ දිවිය යම් තරමකින් හෝ සරි කරන්නට කොටහේන ‘යාචකයා’ සංවිධානය විසින් ඊයේ (30 දා) එනම් නිකිණි පුන් පොහෝ දිනයේදී කොටහේන කාලිමුත්තු උත්සව ශාලාවේදී උදාර මෙහෙවරක් සිදුකරනු ලැබීය.

හව්හරණක් නැති යාචකයන්ට පිහිටවුණ “යාචකයා” - නිකිණි පෝදා ‘දිවයින’ කැමරා ඇස

එනම් කොටහේන අවට ප්‍රදේශවල වෙසෙනා යාචකයන් ගෙන්වා ඔවුන්ව නහවා පිරිසිදු කිරීමත්, අලුත් ඇඳුම් අන්දවා ප්‍රතිකාර ලබාදී දිවා ආහාරය පිරිනැමීමත් මෙම සංවිධානය අතින් සිදු කෙරිණි.

මෙම සත්කාරය සඳහා ‘යාචකයා’ සංවිධානයේ සභාපති ජූඩ්සන් ෆර්නැන්ඩස් මහතාගේ ඉල්ලීම මත කොටහේන සහ වෙරළබඩ පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන්, ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ මෝදර කොට්ඨාසයේ නිලධාරීන්ගේ ප්‍රථමාධාර සේවාවද මෙහිදී සිදු කෙරිණි. මානව හිතවාදී මානව හිමිකම් සංවිධානයේ පරිපාලන අධක්‍්‍යෂිකා ගයනි වීරසේන මහත්මියද මෙම අවස්ථාවට සහභාගී විය.

සටහන සහ ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment