නව පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීමේදීම හිතුවක්කාර ලෙස උතුරේ නවක මන්ත්‍රීවරයා තමාට අහිමි ආසනයක අසුන් ගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩකිරීමක් මෙන්ම පාර්ලිමේන්තුවට අගෞරව කිරීමක්ද වන බව සර්ව ජනබල පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මහතා මහනුවරදී ඉකුත් 22 දා පැවසීය.
ශ්‍රී දළදා මාළිගාවේදී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වීමේදී මේ බව කීවේය.
උතුරේ නවක මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය අනුමත කළ නොහැකි බව දිලිත් ජයවීර මහතා පැවසීය.
මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ උතුරේ මන්ත්‍රීවරයාගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහද පැවසුවේ එම මන්ත්‍රීවරයාගේ හැසිරීම අනුමත කළ නොහැකනි බවයි.
සිරිල් විමලසුරේන්ද්‍ර