උ.පෙළ කල් යෑමෙන් රජයේ විභාග දෙකකුත් පස්සට යයි

41

උසස් පෙළ විභාගය කල්යෑම හේතුවෙන් දෙසැම්බර් 01 සහ 02 යන දිනයන් හිදී පැවැත්වීමට නියමිතව තිබූ රජයේ විභාග දෙකක් කල් දැමීමට සිදුවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (28දා) පැවසීය.

මේ අනුව දෙසැම්බර් 01 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) හා දෙසැම්බර් 02 වැනිදා පැවැත්වීමට තිබූ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සංඛ්‍යා ලේඛන සහ සංඛ්‍යා ලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩඉම් විභාග මේ අනුව කල්යනු ඇත.

මේ විභාග දෙක නැවත පවත්වන දිනයන් සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ අපේක්‍ෂකයන් දැනුවත් කරන බවද ජයසුන්දර මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා


advertistmentadvertistment