ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය ඇරඹේ !

61

ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය මේ වන විට පැවැත්වෙමින් තිබේ .මිලියන 18ක පුරවැසියන් එහිදී සිය ජන්දය ප්‍රකාශ කිරීමට නියමිතය .කම්කරු පක්ෂය නියෝජනය කරන ,අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ට එරෙහිව කන්සර්වේටිවූ ලිබරල්-ජාතික සන්ධානයේ පීටර් ඩටන් තරඟ වදියි .

ලෝකයේ අනෙක් පැත්තේ සිටියද, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්ති බලපෑම් , ගෝලීය තීරුබදු සහ චීනය සමඟ වෙළඳ යුද්ධය මෙම මැතිවරණ කෙරෙහි තීරණාත්මක සාධකයකි .

කම්කරු සහ ලිබරල් ව්‍යාපාර දෙකම එක්සත් ජනපද-ඕස්ට්‍රේලියානු සම්බන්ධතාවය පෙරටු කර ක්‍රියාත්මක වන බව දක්නට ඇත. බොහෝ ඡන්දදායකයින් ද ඊට අනුගත බව විදෙස් මාධ්‍ය පෙන්වා දේ .

එක්සත් ජනපද ජනාධිපතිවරයා සමඟ ඕස්ට්‍රේලියාවේ සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට වඩාත් සුදුසු දේශපාලනඥයා ලෙස බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටින්නේ පීටර් ඩටන් ය .
මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ඕනෑම කෙනෙකුට ” ගෝලීය තීරණාත්මක ” ප්‍රශ්නය සමඟ ගැටෙන්නට සිදුවන්නේය .


advertistmentadvertistment