පාර්ලිමේන්තු මහ මැතිවරණයට රජයේ ඒකාබද්ධ අරමුදලෙන් රුපියල් බිලියන පහක්
පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා රජයේ ඒකාබද්ධ අරමුදලින් අරමුදල් නිකුත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවැරී ඇති බලතල ප්‍රකාරව 2024 වර්ෂය වෙනුවෙන් ඒකාබද්ධ අරමුදලින් රු. බිලියන පහක් (රු. කෝටි 500ක්) නිකුත් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
එමෙන්ම මහ මැතිවරණය පැවැත්වීමට අදාළව 2025 වර්ෂයේදී නිරවුල් කළ යුතු වියදම් වෙනුවෙන් රු. බිලියන 06ක ප්‍රතිපාදන 2025 වර්ෂය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂිත අතුරු සම්මත ගිණුම මගින් වෙන් කර දීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරු පත් කිරීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවැරී ඇති බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්ය මණ්ඩලය පත් කරගත හැකි අතර, ඒ අනුව 2024.09.24 දින සිට ක්‍රියාත්මක වන පරිදි දුමින්ද හුලංගමුව මහතා ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස සහ ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු මහතා ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙසද ගරු සේවා පදනම මත පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල එකඟතාව ලබාදී ඇත.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්
දිනිත් චින්තක කරුණාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරින් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම තනතුර සඳහා දැනට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 වැනි ශ්‍රේණියේ නිලධාරියකු වන එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා පූර්ණකාලීනව වැඩ බැලීම සඳහා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ආගමන හා විගමන පාලක ජනරාල්
ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ රාජකාරි කටයුතු ඉටු කිරීම පිණිස වහාම සුදුසු නිලධාරියකු පත් කළ යුතු බැවින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස දැනට සේවය කරන නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීම ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි. එස්. එම්. ජේ. ඉලුත්පිටිය මහතා 2024.09.25 දින සිට ශ්‍රේෂ්ඨාධීකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.
අක්මුදල් සීමා ඉවත් කිරීම
මුදල් විෂයභාර ඇමැතිවරයාගේ විශේෂ අනුමැතියක් ලබාගැනීමෙන් තොරව අත්‍යවශ්‍ය වියදම් දැරීම සඳහා අක්මුදල් නිදහස් කිරීමට මුදල් විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්ට බලය පැවරීම සඳහා මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල එකඟතාව ලබාදී ඇත.
කැබිනට් ප්‍රකාශක
අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත