ගාසා යනු වර්තමානයේ අප කවුරුත් දන්නා ඊශ්‍රායලයට බටහිරින් පිහිටි මධ්‍යධරණි වෙරළ තීරයේ වර්ග කිලෝමීටර් 365ක් පමණ ඇති බිම්කඩකි. මෙහි විශාලම නගරය රෆා වන අතර තවද ගාසා තීරය බටහිර ඉවුර වශයෙන්ද හඳුන්වයි. එමෙන්ම ලෝකයේ වඩාත් ජනාකීර්ණම භූමිය මෙය වේ. 2024 වන විට ඇස්තමේන්තුගත ජනගහනය මිලියන 02 පමණය. ඔස්ලෝ සම්මුතිය අනුව පලස්තීන ජාතික අධිකාරිය බවට පත්විය. 2007 සිට හමාස් සංවිධානය විසින් බටහිර ඉවුර පාලනය කරයි.

ගාසාහි ජීවත්වන පිරිසෙන් වැඩිම පිරිසක් සුන්නි මුස්ලිම්වරුන්ය. තවද වැඩිම විරැකියා අනුපාතයක් ඇති ප්‍රදේශයක් බව දැක්විය හැකිය.

මැද පෙරදිග තෙල් සල්ලිවලින් වැජඹෙන ප්‍රධාන රටවල්වලින් ලැබෙන අසීමිත ආධාර ගාසා තීරය වෙත දිනපතා ලැබෙයි. මේ ආධාර ගාසා හි පාලනය කරන හමාස් සංවිධානය නතුකරගෙන අල්ප ප්‍රමාණයක් සාමාන්‍ය වැසියන් වෙත ලබා දෙයි. විශේෂත්වය වන්නේ පාසල්, රෝහල් ගොඩනැඟීම වෙනුවට ඔවුන් සිදුකරන්නේ බංකර්, ආයුධ කම්මල් හා ඔවුන්ගේ සුඛ විහරණය සඳහා මේ ධනස්කන්ධය යෙදවීමය. තවද මෙම හමාස් සංවිධානයේ වැඩකටයුතුවලට සිවිල් වැසියන්ගේ ශ්‍රමය ලබාගන්නේ බලහත්කාරයෙන්ය. ගාසා තීරයේ වෙසෙන ළමයින්ට අධ්‍යාපනය වෙනුවට යුද පුහුණුව ලබා දෙන්නේද හමාස් ත්‍රස්තවාදීන්ගේ වැඩකටයුතුවල ප්‍රයෝජන සඳහාය.

2023 ඔක්තෝබර් මස හත්වෙනි දින ඊශ්‍රායලයට කඩාපැන අහිංසක කුඩා, තරුණ, මහලු ජීවිත, දේපළ විනාශ කරමින් ලොවට පෙන්නුවේ හමාස් සංවිධානයට ආවේණික කුරිරු ත්‍රස්තවාදී ලක්ෂණයන්ය. මෙහිදී ඊශ්‍රායල් ජාතිකයන් හා විදේශ ජාතිකයන් ඇතුළු 1195 දෙනකුගේ ජීවිත අකීකරු ලෙස විනාශ කළේය. ඔවුන් උදුරා ගත් ජීවිත අතර ඊශ්‍රායල් දේශයේ සාත්තු සේවයේ නියැලුණු ලාංකික අනුලා මහත්මියගේ සහ සුජිත් මහතාගේ ද ජීවිත උදුරා ගත්තේ ලේ පිපාසිත හමාස් ත්‍රස්තවාදීන් විසින්ය. එයින් නොනැවතී හමාස් ත්‍රස්තවාදීන් විසින් සිවිල් වැසියන් 251 දෙනකු ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරය වෙත රැගෙන ගියේ අප කාටත් අමානුෂිකත්වයේ වේදනාව හදවත්වලට ළඟා කර දෙමින්ය.

ගාසා හි දියවෙන හමාස්ලගේ ඉරණම

පසුගිය ජනවාරි මස ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ඇතිවූ එකඟතාවය මත සටන් විරාමයක් ආරම්භ කෙරිණි. මෙහිදී වැදගත් කාරණය වන්නේ දෙපාර්ශ්වය අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීමය. යුද්ධයක් නොමැතිව අනාගතයක් නැති හමාස් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා කලාපය නිසා මෙම සටන් විරාමය නිමාවට පත් විය. නැවත යුද්ධයක් ඇති විය.

ගාසා තීරයේ අවුරුද්දකට වැඩි කාලයක් යුද්දෙන් බැටකන සිවිල් වැසියන් හමාස් ත්‍රස්තවාදීන්ගෙන්ද පීඩාවට ලක්වෙයි. ඔවුන්ගේ රැඩිකල් නීතිවලට හෙම්බත් වූ වැසියන් එකවර එකතු වී හමාස් ත්‍රස්තවාදීන්ට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වූයේ දහස් ගණන් ජනතාවක් එක් රොක් වෙමින්ය. ඔවුන්ගේ මුව තුළින් පැමිණි සටන් පාඨ වූයේ “හමාස් එළියට, අපිට ජීවත්වන්නට ඕනි” යනුවෙනි. මීට පෙර කෙදිනක හෝ කුරිරු හමාස් සංවිධානයට එරෙහිව ප්‍රසිද්ධියේ උද්ඝෝෂණ හෝ විරුද්ධව කතා කිරීම නොකළේය. නමුත් මේ වන විට මෙවැනි උද්ඝෝෂණ ගාසා තීරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැවතීම හමාස් ත්‍රස්තවාදීන්ගේ අනාගතයට බලවත් තර්ජනයක් වී ඇත. ත්‍රස්තවාදීන් පැමිණ උද්ඝෝෂකයන් බලෙන් විසුරවා හරින්නේද ඉතා අමානුෂික ලෙසය. මෙම හේතු කාරණා නිසා හමාස් සංවිධානය දියවී යෑමට පටන්ගෙන ඇත. තවද ඔවුන්ගේ පැවති හමුදාමය ශක්තිය දිනෙන් දින දුර්වල වෙමින් පවතී.

ත්‍රස්තවාදය කිසි දිනක අනුමත නොකරන අතර කුමන හෝ ජාතියක කෙනකු මියයන්නේ ද හිංසනයට පත්වන්නේද මවකගේ දරුවෙක්ය. තවද අමානුෂික වෙන්වීම් සැබැවින්ම වේදනාකාරීය. එම නිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් ලෝකයේ කොහේ හෝ තිබෙන කුරිරු ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවන් පිටුදැකිය යුතුමය.

මංගල කරඳවල ඊශ්‍රායලය


advertistmentadvertistment