ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අමරානන්ද අබේගුණසේකර මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (23දා) කොළඹ මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරනු ලැබීය.
එම සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ 2015.04.10 සිට 2015.08.30 අතර කාලය තුළ රජයට අයුතු සහගත හා නීති විරෝධී පාඩුවක් සිදුකිරීමේ චේතනාවෙන් කළමනාකරණ සහකාර තනතුරු පුරප්පාඩු නොතිබියදීත් එම තනතුරු සඳහා විධිමත් හා නීත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය නොකර පුද්ගලයන් බඳවාගැනීම මගින් අල්ලස් පනතේ දූෂණය නමැති වැරදි සිදුකළ බවට එමගින් චෝදනා නඟා තිබිණි.
ඒ.ජේ.ඒ.අබේනායක