බන්ධනාගාර නිලධාරීන්ට දැන් ‘සනීපයි’

102

ලෙඩ නිවාඩු දැමීම ඉවරයි

බන්ධනාගාර නිලධාරීන් විසින් දිවයින පුරා කරන ලද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (21දා) පස්වරු 2ට අවසන් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ‘දිවයින’ ට පැවැසීය.

බන්ධනාගාර නිලධාරීන්ට මාසිකව රුපියල් 15,000ක දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ක්‍රියාකරන බවට ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා විසින් පොරොන්දු වීම හේතුවෙන් ඔවුන් එම වර්ජනය නැවැත්වීමට තීරණය කර ඇත.

ධර්මසේන වැලිපිටිය, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment