ලෝක කුසලානයට යන්න පෙර ඇෆ්ගනිස්ථානය දිවයිනට

170


එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළින් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණයේය.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය හම්බන්තොටදී පැවැත්වේ.
දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි 02 වැනිදා පැවැත්වේ.
දෙවැනි තරගය ජුනි 04 වැනිදා ද තෙවැනි සහ අවසාන තරගය ජූනි 07 වැනිදා ද පැවැත්වීමට නියමිතය.

ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වීමට පෙර පවත්වනු ලබන අවසාන එක්දින ක්‍රිකට් තරගාවලිය මෙය වේ.


advertistmentadvertistment