වනිදු සහ බිනුර දඩ කති

546

කැන්ඩි ෆැල්කන් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කොම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු හට විනය විරෝධී කටයුතු සිදු කිරීමේ චෝදනා එල්ල කරමින් දඩ පැනවීමටLPL තරග කමිටුව තීරණය කර ඇත.ඒ අනුව තරගාවලියේදීය හිමිවන මුදලින් සියයට 25%ක් වනිදුට ද බිනුර ප්‍රනාන්දු හට සියයට 20%ක් ද ලෙස දඩ මුදලක් නියම කර තිබේ. වනිදුට නියම කර ඇති දඩ මුදල අමෙරිකානු ඩොලර් 3600කි. (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක) මේ වන විට පැවැත්වෙන LPL තරගාවලියේ ඇඳුම් ආයිත්තම්වලට අදාළ නීතිය කඩ කිරීම හේතුවෙන් වනිදුට මෙම දඩ මුදල නියම වී ඇත.බිනුර තරග විනිසුරුගේ තීරණයකට අවනත නොවීම නිසා මෙම දඩ මුදල් පනවා තිබේ.


advertistmentadvertistment