වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

163

අද අලුයම ශ්‍රී පුර ප්‍රදේශයේ දී සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්වී ඇතැයි පොලීසිය පවසයි.එම වෙඩිතැබීම සිදුකර තිබුණේ ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී ය.යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.මෙම වෙඩිතැබීමෙන් තුවාල ලද 26 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත. ඔහු කාවන්තිස්ස පුර, ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.


advertistmentadvertistment