විශ්වවිද්‍යාල සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යාධාරය ලබාදීමට මාසිකව නිශ්චිත දිනයක් ඉදිරියේදී ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසුවාය.
එම දීමනාව ලබාදීමට නිශ්චිත දිනයක් තීරණය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට මහපොළ භාරකාර අරමුදල සමග ද සාකච්ඡා කර ඇතැයි අගමැතිනිය කීවාය.
විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ දීමනාව ලබාදෙන නිශ්චිත දිනයක අවශ්‍යතාව සම්බන්ධව ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රිනී නීතිඥ හිරුණි විජේසිංහ මහත්මිය වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.
විශ්වවිද්‍යාල සිසුන්ට මාස ගණනාවක් නොලැබුණු මහපොළ ශිෂ්‍යාධාරය නැවත ලබාදීමට වත්මන් රජය පියවර ගෙන ඇති අතර විශ්වවිද්‍යාලවලට අලුතින් ඇතුළත් කර ගත් සිසුන්ට මහපොළ දීමනාව ලබාදීමේදී යම් ප්‍රමාදයක් ඇතිව තිබෙන බවත් එය නිවැරදි කර ඔවුන්ට ද දීමනාව කඩිනමින් ලබා දෙන බවත් අගමැතිනිය කියා සිටියාය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන