“සිහින සමීකරණ” සිනමා නිර්මාණය තිරගත වීම අද සිට දිවයින පුරා සිනමා ශාලාවලදී ඇරඹේ. මහාචාර්ය චරිත් ජයතිලක සහ ධම්මික ගීකියනගේ විසින් නිෂ්පාදනය කරන ලද “සිහින සමීකරණ” සම්මානනීය සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන සසික හේරත්ගේ කුලුඳුල් වෘත්තාන්ත සිනමාපටයයි. ඒ පිළිබඳව “සිනමා කලා” වෙත අධ්‍යක්ෂ සසික සිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.

සිහින සමීකරණ හැදුවේ තාරුණ්‍යයට පණිවුඩයක් දෙන්න - අධ්‍යක්ෂ සසික හේරත්

“සිහින සමීකරණ” ඔබේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය. නිර්මාණය වෙන්නේ කොහොමද කියලා අපි මුලින්ම කතා කරමු?

මේක අපි පටන් ගත්තේ 2020 වර්ෂයේ. මගේ යාළුවෙක් ඉන්නවා සුජීව ජාගොඩ කියලා. ඔහුගේ මාර්ගයෙන් තමයි මට නිෂ්පාදක මහාචාර්ය චරිත්ව මුණගැහෙන්නේ. ඊට පස්සෙ අපි අතර වුණ සාකච්ඡාවෙන් තමයි චරිත් මේකේ කතාව කිව්වේ, මේ වගේ නිර්මාණයක් කරමු කියන එක. පස්සේ ධම්මික ගීකියනගේ අනෙක් නිෂ්පාදකතුමන්වත් සම්බන්ධ කරගත්තා. ඒගොල්ලන්ගේ concept එකකට තමයි මම තිර රචක දර්ශන විද්‍යා අරවින්ද තෝරාගෙන මේ වැඩේ පටන් ගත්තේ.

“අයිස් දියවෙන ලයිෆ් ප්‍රේමය” ගැනයි මේ කතාව තුළින් කියැවෙන්නේ. ඇයි තාරුණ්‍යය ගැන කතා කරන්න හිතුවේ?

තාරුණ්‍යයට ඉඩක් වෙන් කරන්න හේතුව කියන්නේ, විශේෂයෙන්ම මම කැමති සමාජ දේශපාලනමය කතාන්දර කරන්න. ඒක මගේ කැමැත්ත. එතකොට දැන් 2020 සිනමාපටය කරද්දී “අයිස්” කියන මත්ද්‍රව්‍ය සම්බන්ධව ලොකුවට සමාජගතවෙලා තිබුණෙ නැතිවුණාට අපි දැනගෙන හිටියා ඒ පිළිබඳව. මොකද මේ නිර්මාණයට ගුරුවරු ගොඩක් සම්බන්ධයි. ඒ අයට ගොඩක් අත්දැකීම් තිබුණා පාසල්වල තරුණ ළමයි අතර මෙහෙම ප්‍රශ්නයක් ඉස්සරහට මතුවෙන්න තියෙනවා කියලා. ඉදිරියට මේ රට භාරගන්න ඉන්න දරුවන්ට වගේම මේ තාරුණ්‍යයට යම්කිසි පණිවිඩයක් ලබාදෙන්න වගේම ඔවුන්ව අරමුණු කරගෙන නිර්මාණයක් කරමු කියලා තමයි අපි මේ තේමාව තෝරගත්තේ.

“මත්ද්‍රව්‍ය” වගේ මාතෘකාවක් පිළිබඳව කතා කරන විට මොනවගේ අභියෝගයන්ට ද ඔබට මුහුණ දෙන්න සිදුවුණේ?

ඇත්තටම ලොකු අභියෝගයකට මුහුණ දුන්නේ, මේ තේමාවත් එක්ක මගේ ෆිල්ම් එක කොටස් තුනකට බෙදුවොත් තියෙන්නේ, අධ්‍යාපන ක්‍රමවේදයේ තියෙන ප්‍රශ්න, කොන්දේසි විරහිත ආදර කතාවක් පිළිබඳව වගේම යෞවනය බිලිගන්නා මත්ද්‍රව්‍ය සම්බන්ධවයි. එතකොට මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ කොටසේදී මේ පණිවිඩය සමාජයට ගෙනියන්නත් ඕනෑ, හැබැයි මේක ලියද්දි පෙන්නන්න පුළුවන් විදියට ලියන්නත් ඕනෑ වගේම පෙන්නද්දි මිනිස්සු කොයි විදිහට භාර ගනීද කියන කාරණාව ගැනත් හිතන්න වුණා. ඒක හරිම සියුම් කාරණයක්. ඒ නිසා තිර රචනය ලියන එක සෑහෙන අභියෝගයක් වුණා. ඉතින් මට ඇතිවුණු ලොකුම අභියෝගය වුණේ ඒක තමයි.

සිහින සමීකරණ හැදුවේ තාරුණ්‍යයට පණිවුඩයක් දෙන්න - අධ්‍යක්ෂ සසික හේරත්
සිහින සමීකරණ හැදුවේ තාරුණ්‍යයට පණිවුඩයක් දෙන්න - අධ්‍යක්ෂ සසික හේරත්

සිනමාපටය රූගත කිරීම අවසන් කරලා, තිරගත කරන්නත් සෑහෙන කාලයක් බලාගෙන ඉන්නට සිදුවුණා නේද?

ඔව්. ඒකත් ඇත්තටම අභියෝගයක් තමයි. ඒ ප්‍රශ්න එක්ක ටිකක් කල් ගියත් මේ වකවානුව සිනමාවට හොඳ කාලයක්. හේතුව 2020 අපි රූගත කිරීම් කරලා සතියකින් කොරෝනා ආවා. ඊට පස්සේ රටේ ඇතිවුණ විවිධ ප්‍රශ්නත් එක්ක චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු කරන්නට කාලයක් ගතවුණා. මම හිතනවා ඒ ප්‍රශ්න එක්ක ටිකක් කල් ගියත්, මේ කාලේ සිනමාවට හොඳ කාලයක් වෙයි කියලා. ඉතින් අද සිට දිවයින පුරා සිනමා ශාලාවලදී අපේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට “සිහින සමීකරණ” බලන්න ඔන්න අවස්ථාව සැලසෙනවා.

සිහින සමීකරණ හැදුවේ තාරුණ්‍යයට පණිවුඩයක් දෙන්න - අධ්‍යක්ෂ සසික හේරත්

ඔබ මේ සඳහා විශාල නළු නිළි වරණයක් තෝරාගෙන තියෙනවා. එහෙම කරන්න විශේෂ හේතුවක් තිබුණද?

ඇත්තටම මම අලුත් අධ්‍යක්ෂකවරයෙක් විදියටනේ එළියට එන්නෙ. එතකොට අපේ නිෂ්පාදකගේත්, තිර රචකගේත් පළවෙනි වැඩේ තමයි මේ. මේකේ කුලුඳුල් නිර්මාණකාරයෝ ගොඩක් ඉන්නවා. එතකොට නිෂ්පාදකවරු දෙන්නත් මට අත දෙන්නෙ මගේ දැන හැඳුනුම්කමකට නෙවෙයි, මම ගැන විශ්වාසයක් තියලයි. ඒ අලුත් කෙනකුට අවස්ථාව දෙන්න ඕනෑ කියලානේ. ඒක මට ලොකු අවස්ථාවක් වුණා මගේ හැකියාව පෙන්නන්න. ඉතිං මමත් හිතුවා මම සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කරද්දි මට මුණගැසුණු දක්ෂයන්ට අවස්ථාවක් දෙන්න. ඒගොල්ලන්ට ඒ කාලේ ප්‍රධාන චරිතයක් දෙන්න කවුරුත් බයයි. නමුත් ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව මට ලොකු විශ්වාසයක් තිබුණා. ඉතින් මම ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නා.

පාරමී කෞෂිකා

සිහින සමීකරණ හැදුවේ තාරුණ්‍යයට පණිවුඩයක් දෙන්න - අධ්‍යක්ෂ සසික හේරත්
advertistmentadvertistment
advertistmentadvertistment