සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දෙසුමක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා ඊයේ (27දා) පිටත්ව ගියේය.
ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගිත්වයෙන් නවදිල්ලි නුවර භාරත මණ්ඩපයේදී අද (28දා) හෙතෙම මෙම දෙසුම පවත්වයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ටේ්‍රලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් යන මහත්වරුන්ද මෙහිදී දෙසුම් පවත්වන අතර දකුණු ආසියාව සම්බන්ධයෙන් වන දෙසුම පවත්වන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ද පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී ඔහු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙයයි. ඒ මහතා මාර්තු 2 වැනිදා නැවත ලංකාවට පැමිණීමට නියමිතය.
චමින්ද සිල්වා