සියලුම වර්ගයේ බැංකු ගිණුම විවෘත කිරීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (ටින් අංකය) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එසේම පොලිය මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමෙන් නිදහස් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 1.8ක් නොඉක්මවන තක්සේරු ආදායමක් සහිත සියලු නේවාසික තැන්පත්කරුවන් සඳහා ස්වයං ප්‍රකාශනයක් හඳුන්වා දීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.
අදාළ සංශෝධන ඇතුළත් කරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම පිණිස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
|