දේවි කුසුමාසන දැවැන්ත සිනමා නිර්මාණයක් – නිෂ්පාදිකා ජානකී විජේරත්න

594

අග්නි දාහය, ගරිල්ලා මාකටිං, සමනල සංධ්වනිය, මහරජ ගැමුණු, ඝරසර්ප සහ මිදුණු විශ්වය වැනි දැවැන්ත සිනමා නිර්මාණ ඔබ වෙත තිළිණ කළ ප්‍රවීණ සිනමාකරුවකු වූ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය වන දේවි කුසුමාන සිනමා නිර්මාණය (22 වැනිදා) සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ ඇතුළු රට පුරා සිනමාහල් රැසක් තිරගත කිරීම් ආරම්භ කරන ලදී. මෙය ලයිකා ප්‍රඩක්ෂන් නිෂ්පාදනයකි.

දේවි කුසුමාසන දැවැන්ත සිනමා නිර්මාණයක් - නිෂ්පාදිකා ජානකී විජේරත්න

දේවී කුසුමාසන සඳහා රංගනයෙන් හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, මේඝ සූරියආරච්චි, බුද්ධික ජයරත්න, දිනෙත් ද සිල්වා, රයන් වෑන්රෝයන්, චිලී තිලංක, සනත් ගුණතිලක, මිලින්ද මඩුගල්ල, දිනේෂ් සුබසිංහ, ශ්‍රී මාල් වෙඩිසිංහ, වංචලා වර්ණසූරිය, කුසුම්රේණු, වසන්ත විට්ටච්චි, ඩිස්නි රාජපක්ෂ, දිමුතු චින්තක, සහන් හේවාදේව, දුමී වන්නිආරච්චි, දිව්‍යශාරිකා බ්‍රෙන්ඩන් ඇතුළු නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වේ.

දේවි කුසුමාසන දැවැන්ත සිනමා නිර්මාණයක් - නිෂ්පාදිකා ජානකී විජේරත්න

පසුගියදා දේවිකුසුමාන හි මාධ්‍ය වෙනුවෙන් පැවැති විශේෂ දර්ශනයේදී ලයිකා ප්‍රඩක්ෂන්ස් වෙනුවෙන් ලයිකා සමූහ ව්‍යාපාරයේ උප සභාපතිනි ජානකී විජේරත්න මෙලෙස පැවසුවාය. ලයිකා ප්‍රඩක්ෂන්හි දෙවැනි නිෂ්පාදනය තමයි දේවි කුසුමාසන. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මෙහි අධ්‍යක්ෂවරයා. අපි ගොඩක් මහන්සිවෙලා කරපු සිනමා නිර්මාණයක්. ඒ වගේම මේක දැවැන්ත සිනමා නිර්මාණයක්. මීට පෙර අපි නිෂ්පාදනය කළ රාණි චිත්‍රපටයත් ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැලඳ ගත්තා. මම හිතනවා ජයන්ත චන්ද්‍රසිරි නමැති ප්‍රවීණ සිනමාකරුවා අධ්‍යක්ෂණය කළ දේවි කුසුමාන චිත්‍රපටයත් එලෙසම ප්‍රේක්ෂකයන් වැලඳ ගනීවි කියලා. අපි දේවි කුසුමාන ගැන දැනගෙන හිටියාට ඒ දැනගෙන හිටපු කතාව හරියට ම දැනගන්න තමයි මේ චිත්‍රපටය නිර්මාණය කළේ. ඉතිං මම ආරාධනා කරනවා සියලුම ප්‍රේක්ෂකයන්ට අපිට දීපු ආදරය ඒ විදිහට දේවි කුසුමාන චිත්‍රපටයත් ලබාදෙන්න කියලා. අපේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. ඔවුන් හැමදෙනාම ගොඩක් මහන්සිවෙලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කළේ. විශේෂයෙන් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මම හිතුවේවත් නැති විදිහට පුදුම සහයෝගයක් අපේ නිෂ්පාදන සමාගමට ලබාදුන්නා. අපි සියලුදෙනාගේම බලාපොරොත්තුව සාර්ථක නිර්මාණයක් ප්‍රේක්ෂකයන් තිළිණ කිරීම. චිත්‍රපටය නරඹලා ඔබලාගේ සියලුම පැසසුම් චෝදනා අපි වෙත ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිනවා.

දිනේෂ්

දේවි කුසුමාසන දැවැන්ත සිනමා නිර්මාණයක් - නිෂ්පාදිකා ජානකී විජේරත්න

advertistmentadvertistment