අකුණු – තද සුළං තිබේ කල්පනාවෙන් ඉන්න !

50

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ .එම දෙපාර්තමේන්තුව පවසන ආකාරයට , මේ දිනවල අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තිබේ .

බස්නාහිර පළාතේත් පුත්තලම, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි යැයි එම නිවේදනයේ දැක්වේ .එමෙන්ම මධ්‍යම, ඌව, නැගෙනහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවීමට ඉඩ ඇති බව එම නිවේදනයේ සඳහන් කර තිබේ . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට සැළකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ


advertistmentadvertistment