අදියර හතකින් පැවැත්වෙන ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරවලට ළගා වෙද්දී ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති සෙල්සියස් අංශක 45 ක(ෆැරන්හයිට් අංශක 113) අධික උෂ්ණත්වය හේතුවෙන් මැතිවරණ අපේක්ෂකයන් හා ජන්ද දායකයන් ක්ලාන්ත වී වැටිමේ සිද්ධින් හා ජන්දය භාවිත කරන පිරිස අඩු වීමේ තත්ත්වයන් වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතිනබව විදෙස් මාධ්‍ය පවසයි.පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය මධ්‍යයේ මැතිවරණ රැස්වීම් පැවැත්විමට ගිය ඇතැම් ඇමතිවරු මෙන්ම මැතිවරණ ව්‍යාපාර කළමනාකරුවන් හා මැතිවරණ නිලධාරිහු ගණනාවක් පසුගිය දිනවල ක්ලාන්ත වී වැටී ඇති අතර තවත් පිරිස් රෝගාතූර වී තිබේ. මෙම තත්ත්වය මත ඈතැම් ප්‍රාන්තවල මැතිවරණ අපේක්ෂකයන් පවතින අධික උණුසුමෙන් බේරීම සදහා සිය ජන්ද රැස්වීම් උදෑසන කාලයේ හා සවස් කාලයේ පැවැත්වීමට පියවර ගෙන තිබේ මෙවර ඉන්දීය මහා මැතිවරණයේදී මිලියන 970 ක ජන්ද දායකයන් පිරිසක් ජන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති නමුත් පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් බොහෝ ජන්ද දායකයන් ජන්ද පොලට යාමෙන් වැළකී සිටින බව අල් ජසීරා,පුවත් සේවය වාර්තා කර තිබේ.ඉකුත් අප්‍රේල් 19 දා ඇරඹි ඉන්දීය මහා මැතිවරණයේ ජන් ද විමසීම ලබන ජූනි 01දා අවසන් වීමට නියමිතය.
|