මේ දිනවල පවතින අධික උණුසුම් තත්ත්වය නැඟෙනහිර සහ ඌව පළාතේ විශේෂයෙන් අම්පාර, මොනරාගල, මඩකලපුව වැනි දිස්ත්‍රික්කවල මේ සතිය තුළත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පසුගිය දිනවල උතුර සහ වයඹ පළාත්වලට ඇතිව තිබූ අධික උණුසුම් තත්ත්වය පවතින සුළඟත් සමගින් තරමක් දුරට අඩුවී ඇති බවයි.
කෙසේ වෙතත් මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක් නිසා වැඩියෙන් ජලය පානය කළ යුතු බවත් සුදු හෝ ළා පැහැති ඇඳුම් භාවිතා කරන ලෙසත් ඔවුන් පවසා සිටී. තවද වැඩි වේලාවක් අව්වට නිරාවරණය වීම, විවිධ ක්‍රියාකාරකම්වල නියුතු වීම තුළින් ශරීරයට වෙනදාට වැඩියෙන් තෙහෙට්ටු ස්වභාවයක් ඇති විය හැකිය. මෙවැනි තත්ත්වයක් තුළින් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ශරීරයේ මස්පිඬු පෙරළිය හැකි බවට එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එසේම මෙම අධික උණුසුම් තත්ත්වය, ඉදිරියේ දී ඇතිවන මෝසම් සුළං නිසා පහව ගොස් හැකි විගසම සාමාන්‍ය තත්ත්වයට පත්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
සුජාතා ජයරත්න