කොට්ටාව, මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පලේදී පෞද්ගලික බසයක් නැවතුම්පොළට ධාවනය වීමෙන් අද (12දා) උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
පාදුක්ක සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික සාමාන්‍ය බස් රියක් බස් නැවතුම්පොළට ඇතුල් කිරීමට උත්සාහ දැරීමේදී බසයේ තිරිංග ක්‍රියා විරහිතවී බස් රථය ගොඩනැගිල්ලේ ගැටී නතර කර තිබූ තවත් බස් රථයක ගැටී නතර වී ඇත.