ආදුරුප්පුවීදිය පොලිසියේදී වස දීමේ සිද්ධියට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

118

ආදුරුප්පුවීදිය පොලීසිය තුළදී සැකකරුවන් දෙදෙනෙකුට වස මිශ්‍ර පානයක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු සහ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුගිය 07දා පොලීසිය තුළ රඳවා සිටි සැකකරුවන් බැලීමට පිටතින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වස මිශ්‍ර කිරි පානයක් ලබාදී තිබුණි.

මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ දහවල් කාලයේදී වත්තල සහ කොටහේන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ සැකකරුවන් 25 සහ 32 යන වයස්වල පසුවන්නන් බවය.

advertistmentadvertistment
advertistmentadvertistment