ශතක පහක් ද සමග සිව්දින තරගයෙන් ලකුණු 308ක ජයක්
ජයග්‍රාහී ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
සත්කාරක ඇෆ්ගනිස්තානු, අයර්ලන්ත සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අපරාජිත ශූරතා කුසලාන ජයග්‍රහණයට අමතරව ඇෆ්ගනිස්තානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති සිව්දින ක්‍රිකට් තරගයේ ලද සුපිරි තරග ජයග්‍රහණයද සමගින් අඛණ්ඩ තරග හයක ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේදී ශ්‍රී ලංකාවට පැමිණියේය.
ලහිරු උදාර සහ සොනාල් ඩැනියල් පළමු ඉනිමේදී ලැබූ ශතක දෙකත්, නුවනිඳු ප්‍රනාන්දු, පසිඳු සූරියබණ්ඩාර සහ පවන් රත්නායක දෙවැනි ඉනිමේදී ලැබූ ශතක තුනත් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ‘ඒ’ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම අතර පැවැති සිව්දින තරගයෙන් ලකුණු 308ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.
පසුගිය (29 දා) අබුඩාබි හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා පන්දු වාර 100යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 406ක් ලබාගැනීමට සමත්විය.
අනතුරුව සිය පළමු ඉනිම ආරම්භ කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ඉෂිත විජේසුන්දරගේ සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 46යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 168ක් පමණි.
ඒ අනුව පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද ලකුණු 238ක වාසියත් සමග දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 79ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 376ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවූ අතර, ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 615ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය.
කෙසේ වුවද දෙවැනි ඉනිමේදී ද ඉෂිත විජේසුන්දර ඇතුළු ශ්‍රී ලංකා පන්දු බළඇණිය හමුවේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 106ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 306ක් පමණි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 308ක විශිෂ්ට ජයක් හිමිවිය.
ලකුණු සාරාංශය
ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 406යි.
ලහිරු උදාර ලකුණු 107, සොනාල් දිනූෂ ලකුණු 104, සදීර සමරවික්‍රම ලකුණු 44, කමිල් මිෂාර ලකුණු 35, පවන් රත්නායක ලකුණු 19යි.
(බෂීර් අහමඩ් 77/4, ෂියාඋර් රෙහෙමන් 93/2, ෂියා, ඉස්මත් අලාම් 46/1, අරාබ් ගුල් 76/1, උර් රෙහෙමන් 54/1)
ඇෆ්ගනිස්ථාන සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 168යි.
අෆ්රාස් සසී ලකුණු 54, උර් රෙහෙමන් ලකුණු 22, බෂීර් සාහ ලකුණු 21, ෂාම්ස් උර් ලකුණු 20යි.
(ඉෂිත විජේසුන්දර 35/6, තරිඳු රත්නායක 26/3, වනුජ සහන් 60/1)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 376යි.
නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 102, පසිඳු සූරියබණ්ඩාර ලකුණු 100, පවන් රත්නායක ලකුණු 100, කමිල් මිෂාර ලකුණු 53යි.
(උර් රෙහෙමන් 44/1, බෂීර් අහමඩ් 52/1, ඉස්මත් අලාම් 39/1, ෂියා උර් රෙහෙමන් 112/1)
ඇෆ්ගනිස්ථානය සිය දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 306යි.
ඩ්‍රවිෂ් රසෝලි ලකුණු 122, අෆ්සාර් සසී ලකුණු 82, ෂම්ස් රෙහෙමාන් ලකුණු 32යි.
(ඉෂිත විජේසුන්දර 75/4, ඩිල්ෂාන් මධුසංඛ 44/2, වනුජ සහන් 62/2, තරිඳු රත්නායක 93/2)
සිසිර ඉන්ද්‍රජිත්