ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් හතර දෙනෙකු පත්කර ඇත.
එසේ පත්කර ඇත්තේ හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන කේ.එම්.ජී.එච් කුලතුංග, ඩී. තොටවත්ත, ආර්.ඒ. රණරාජා සහ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී ගොපල්ලව යන මහත්වරුන්ය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි ව්‍යවස්ථාව අනුව එම පත්කිරීම් සිදුකර ඇති බවය.