කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් අද අලුයම වනඅලි රංචුවක් ගැටිමෙන් වන අලියෙක් මිය ගොස් තෙල් ටැංකි දෙකක් පෙරලී අනතුරක් සිදුව තිබේ.මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයකදී අද අලුයම 3.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.ඉන් දුම්රියේ ඉන්ධන ටැංකි හතරක් පිළි පැන ඉන් දෙකක් පෙරළි ගොස් ඇති බව වාර්තාවේ. දුම්රිය එන්ජිම සහ නියාමකවරයා ගමන්කරන මැදිරිය ද පිළිපැනීමට ලක්ව ඇත.මේ වන විට මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් නැවතී තිබේ. අද උදෑසන කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රියන් දෙක අවලංගු කර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
|