අලුත් ස්කාගාරයක් හදන්න නම ගිය ව්‍යාපාරිකයකුට සුරාබදු බලපත්‍රයක්

111

නව මත්පැන් නිෂ්පාදනාගාරයක් ඉදිකිරීම සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකුට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රයක් ලබාදී ඇත. මෙය ඉදි කළ පසු මෙරට 25 වැනි නිෂ්පාදනාගාරය වේ.

ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළු මූලික යටිතල පහසුකම් සකස් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු අනුමැතිය ලැබිය යුතු ආයතනවලින් අනුමැතිය ලැබීමෙන් පසු බලපත්‍රය ලබාදීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන ඇත.

මීට සමගාමීව තවත් ව්‍යාපාරිකයකු ද නව මත්පැන් නිෂ්පාදනාගාරයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඇති අතර ඊට අදාළ ලිපිගොනු ද මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවලට යොමු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

අඩු මිලට මත්පැන් බෝතලයක් නිෂ්පාදනය කරන බවට පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් පැවැති අතර ඇතැම් විට නව නිෂ්පාදනාගාර මගින් එම අරමුණු ඉටුවනු ඇතැයි ද අපේක්ෂා කර ඇත.

චමින්ද සිල්වා


advertistmentadvertistment